𝗝𝘂𝗹𝗶𝗮𝗻𝗮 𝗦𝗮𝗻𝗱𝗲𝗿𝘀𝗼𝗻🔖

118 16 35
                                    


වසර දෙකකට පෙර

එදා ඒ ආරන්චිය දැනගත් දිනම මම පහසුවෙන්ම නිගමනය කරපු , කාටවත්ම ඒ වෙනකන් නිගමනය කරගන්න බැරි වුන කාරණා දෙකක් තිබුනා....පළවෙනි කාරණාව ඇය අතුරුදහන් වුනේ නෑ කියන එක... දෙවනි කාරනාව ඇය ජීවතුන් අතර හිටියෙ නැහැ කියන කාරණාව...
කෙටියෙන් කියනවනම් අතුරුදහන් වුනා කියපු ජූලියානා සැන්ඩ්‍රසන් අතුරුදහන් වෙන්නවත් ඒ වෙද්දි ජීවතුන් අතර හිටියෙ නැහැ කියන නියම ඇත්ත.!

මගෙ ආදරණිය ජූලි...
එයා මට හැමදාම කරදරයක් වුනා...මට මතකයි එයාට ආදරේ නොකරපු එක ගැන හැමදාම මට චෝදනා කරපු හැටි...විශ්වාස කරන්න ඒ මෝඩ කෙල්ලට මම කැමති පිරිමි ළමයින්ට කියලා තේරුම් කරපු වාර ගාණවත් මට මතක නැති තරම්.
ජූලිගෙ අභිරහස් මරණය ගැන මට කියන්න තරම් ලොකු දුකක් නොතිබුනත් ලොකුම ලොකු කුතුහලයක් තිබුනා. ගැරී කියනවා වගේ මන් කිසිම දෙයක් නොතේරෙන නිකමෙක් වෙන්න පුළුවන් වුනාට මේ කතාවෙදි නම් කාටත් නොතේරුන ගොඩක් දේවල් මම තේරුම් ගනිමින් හිටියා. ඇය මියගියා කියන කාරණාව අවබෝධ කරගන්න පොලිසිය වැය කරපු මාස එකහමාර ඇතුළත හැමදේම දැනගෙන හිටිය මම නිහඬවම හිටිය හේතුව....

ගැරී මෙන්ඩෝසා.....මගෙ තාත්තා!


මම හිටගෙන හිටියෙ අලංකාරවත්ව නිර්මාණය කර තිබුනු ඇගේ මරණ සැරසිල්ල අබියස.
ජූලියානා සැන්ඩ්‍රසන් උපත : 1994 .04.16 විපත : 2019 .02.17 යනුවෙන් ඡායාරූපය මත කුඩාවට සටහන් කර තිබුනා.

ඇගේ ඡායාරුව දෙස මද වෙලාවක් බලා සිටිමින් යාඥා කළ මම වැඩි වෙලාවක් එහි නොරැඳි මරණයට රැස්ව හිටි පිරිස අතරින් පිටතට පැමිණියෙ කිසිවෙකුගේ විශේෂ අවධානයට ලක් වීමට අවැසි නොවූ නිසයි

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ඇගේ ඡායාරුව දෙස මද වෙලාවක් බලා සිටිමින් යාඥා කළ මම වැඩි වෙලාවක් එහි නොරැඳි මරණයට රැස්ව හිටි පිරිස අතරින් පිටතට පැමිණියෙ කිසිවෙකුගේ විශේෂ අවධානයට ලක් වීමට අවැසි නොවූ නිසයි......
ඇගෙන් සමු ගත් පසු මා ගියේ සොහොන් කොත් ආසන්නව විශාල පයින් ගසකට මුවා වන සේ නවතා තිබු මගෙ මෝටර් රථය වෙතයි.

ත්‍රිමාණ Wo Geschichten leben. Entdecke jetzt