Destiny or Destiny?🔖

91 11 51
                                    


" දෛවය "

" මොකක්?"

දුරකතනයෙ අනෙක් පසින් ඇහුනු දේට නළල දිගේ හීන් දාඩිය දාගෙන එනවා වගේ දැනුනත් එකවරම බෙල්ල මිරිකාගෙන සිටින කිකිළියෙකුගෙ මෙන් කොක් හඬලන හඬක් ඇහෙන්න ගත් මොහොතෙ "දෛවය" කවුරුන්දැයි මට වැටහි ගියා.

"ඩෙස්ටිනියා....උඹට ඕකට ඔච්චර හිනා යනවද "


" මට හිනා ගියේ ඔයා ඒකට භය වුන නිසා ලුවී..අනික මන් එහෙම කිව්වෙ ඔයාට මාව අඳුරගන්න ලේසි වෙයි කියල හිතලනෙ"

" ඇයි මට කෝල් කරන්නෙ?"

" කෝ තාත්තා"

" හහ් හහ්..උඹේ මහලොකු තාත්තා මාව හිරේ යවලා..මම හිරේ ඉඳන් එද්දි
උ ගෑනියෙක් එක්ක පැනලා ගිහින් ..."

" මොකක්!"

"#කේ තාත්තා උඹගෙ"

" එ තමුසෙගෙත් තාත්තා ලුවී හරියට කතා කරනවා!"

"  බැල්ලියෙ..උඹ ඔහේ ඉඳන් සැපට ඉඳගෙන මට බණ දෙසන්න එන්න එපා කියලා මම මීට කලිනුත් කියලා තියෙනවා "

"ලුවී!!!--"

ඇය තවත් යමක් කීමට පෙර මම දුරකතනය විසන්ධි කර මේසය මතට විසිකර දැමූ මම ඇතිව තිබූ අධික කෝපයත් නිසාවෙන් අසල තිබූ බිත්තියට අවසිහියෙන් මෙන් පහර දීමට පටන් ගත්තා. දෑත් වලින් ලේ ගලමින් වේදනා දෙන තෙක්ම මා එය දිගින් දිගටම සිදු කරා.

 දෑත් වලින් ලේ ගලමින් වේදනා දෙන තෙක්ම මා එය දිගින් දිගටම සිදු කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඩෙස්ටිනියා ඈන්

එකම දවසක එක මොහොතක එකම පෙනුම එක්ක එක අම්මට ඉපදුනත් මටත් ඩෙස්ටියාටත් දෛවයෙන් හිමි වුනේ සමාන්තර ලෝක වල වගේ ජීවිත දෙකක් . ඉපදුන දවසෙ ඉඳලාම මන් ජීවත් වුනේ අමු අපායක වෙද්දි ඩෙස්ටිනියා සැප දිව්‍යලෝකෙක.මම එයාට හැමදාම ඉරිසියා කළා අදටත් කරනවා ඉස්සරහටත් කරනවා.
සාධාරණ නැද්ද ? මගෙම අම්මට මාව කුණුගොඩක් තරම් වටින්නැති වෙද්දි ඇයි එයාට විතරක්?
මගෙ  අම්මා එලියට් ගැරීගෙ ව්‍යාපාර බන්කොලොත් වූවායින් පසුව  කැසිනො ව්‍යාපාර වලට ඇබ්බැහි කරවමින් ගැරීව බන්කොලොත් කරවන්න මුල් වුනු   පෝල් සමගම විවාහ වුනා. ඉන්පසු විටින් විට ගැරී පසුපස පන්නා ආ ණයකරුවන් හේතුවෙන්  අපට නගරයේ නිවසද අතහැර දමා නගරයෙන් ඇතුලු වන්නට තිබු කුඩා නිවසක සැඟව ජීවත් වීමට සිදුවුනා.

ත්‍රිමාණ Where stories live. Discover now