PROLOGUE

180 26 41
                                    


තව දුරටත් කවුරුත් මන් දිහා සාමාන්‍යය කෝණෙකින් බලන්නෙ නෑ.....සාමාන්‍ය මනුස්සයෙක් දිහා බලන කෝණෙන් බලන්නෙ නෑ.....එයාලා මන් දිහා බලන්නෙ තිරිසනෙක් දිහා බලන විදියට. අවන්කවම මන් ඒකට මුළු හිතෙන්ම ආස කලා..මොකද මට  හැමදාම ඕනෙ කරේ හොඳම කෙනා වෙන්න අන්තිමේදි මන් ඒක ලබාගත්තා.

ඒත් ඇත්තටම මට ඕනෙ කළේ මේකමද? මට ඕනෙ කළේ මෙතන නවතින්නද ?

එයා...මේ කතාව පටන් ගත්තෙ වෙනස්ම විදියකට...ඒත් කතාව ඉවර වුනේ මට ඕනෙ විදියට...
එතකොට ප්‍රධාන චරිතෙ මමද ?

යන්තමින් ඇස් විවර කරද්දි කකුලෙන් දැනුනු තියුූණු වේදනාවත් එක්කම  ශරීරයෙන් දැනුනෙ පුදුමාකාර විඩාබර බවක්..පෙර දිනයෙදි බන්ධනාගාර වධාකාගාරයෙ පහර කෑම් වලට ලක් වීම ඊට හේතුව  වුනා...බන්ධනාගාර නිලධාරීන් කිසිම විදියකින් මට බුරුලක් දෙන්න ලෑස්ති නෑ....මොකද උන් වුනත් දන්නවා....මම තමයි හොඳම කියලා

" අහ්ම් ම්හ් "

මගෙ සිතුවිලි දාමයට බාධා කරමින් නොදැනුවත්වම මුවින් කෙඳිරිල්ලක් පිට වුනේ මේ තරම් වෙලා නැගිටින්න තිබුනු අපහසුව නිසාම  ඉවසගෙන හිටපු  ශරීර අවශ්‍යතාවය තවත් නම් ඉවසගෙන ඉන්න බැ කියලා දැනෙද්දි .

ටොක් ...ටොක් ...ටොක්.....

මම ඉවසීමක් නොමැතිව අගුල් දමලා තිබුනු  මාංචුවෙන් රෝහලේ ඇඳ විට්ටමට තට්ටු කරන්න ගත්තා.

" මොකද මොකද  තමුසෙ මේ කලබල කරන්නෙ ?!"

මැදි වයසෙ පසු වුනු එක් පොලිස් නිලධාරියෙක් කලබලෙන් වගේ දුවගෙන ආවා

" වොශ්රූම් යන්න ඕනෙ...... "

" එක්ක යන්න බැරිනම් මම මෙතන දාන්නද ඉවසගන්න බෑ "

" නැ නැ නැගිටිනවා"

මන් එහෙම කිව්වෙ ඔහු අදිමදි කරන බවක් පෙනුන නිසා .ඒත් මම එහෙම කියනවත් එක්කම ඔහු අගුලු දමලා තිබුනු මාන්චුවෙ අගුල ගලවලා දාලා ඒත් එක්කම ඇඳ ගාව තිබුනු මේසෙට තට්ටුවක් දාලා
පිටත දොර ළඟ හිටපු පොලිස් නිලධාරියාට සංඥාවක් ලබා දෙනවා දැක්කා.

" ඔයා මේක ඇතුළටත් එනවද "

" කටවහගෙන යනවා "

"  ඕන එකක්!"

ත්‍රිමාණ Where stories live. Discover now