Part 02❤️

165 41 38
                                    

"මට තේරෙන්නෑ හොබා මොනා කරන්නද කියලා"

"අහන්නකො යූන්....අපිට මොකක්ම හරි කරන්න පුළුවන්.අපි හොදටම දන්නවා ඒ කුකී නෙවෙයි කියලා.අනික ඒ වීඩියෝ එකේ මූණක් තිබ්නෙත් නෑ නේද?"

"නෑ තිබ්බෙ නෑ"

"මේ අහන්න,මේක ඔයාගෙන් පළිගන්න කියලා හිතාගෙන කෙරුව දෙයක්නම්...මම කියන්නෙ එඩිට් එකක්නම් ඒකෙ අනිවාර්යයෙන්ම කුක්ගෙ මූණ තියෙන්න ඕනි.ඒත් මේකෙ එහෙම නෑ.ඒක කුක්ගෙ කියන්න එයාලා පෙන්නන එකම එවිඩන්ස් එක තමයි ඒ එෆ්බී අකවුන්ට් එක.එයාලා ගේන තර්කෙ තමා කුක්ගෙ නම තියෙන අකවුන්ට් එකෙන් තමන්ගෙ වීඩියෝ නැතුව වෙන කාගෙ ඒවා එවන්නද කියන එක"

"ඔව්....ඔයා හරි හොබා.....ඒත් මට කුකීව හොදටම ෂුවර්...පොඩි එකා එෆ්බී නෑ.ඒකා කොයි වෙලෙත් සෙල්ලමට බර....හුගක් වෙලාවට ජින් විතරනෙ ගෙදර ඉන්නෙ.එතකොටත් චිත්‍රයක් ඇද ඇද හරි ඉන්නවා මිසක් කුකී කම්පියුටර් එකේ එල්ලෙන්නෑ....කවුරුත්ම ගෙදර නැති වෙලාවල් තමා පොඩ්ඩා ගේම් ගැහුවත් ගහන්නෙ...මට තේරෙන්නෑ මේක කොහෙන් පටන් අරං කොහෙන් ඉවර කරන්නද කියලා"

"යූන් මේ අහන්නකො.....ඔයාට ඔය ප්‍රෆයිල් එක එකපාරක්වත් සජෙස්‍ට් උනේ නැද්ද?"

"නෑ හොබා...."

"ඒ කියන්නෙ ඒක හදලා වැඩි කාලයක් නැතුව ඇති....අනික ඒකෙ හරි අයිතිකාරයා ඔයාගෙ කන්ටැක්ස් වලවත් නැතුව ඇති....අඩුම මටවත් පෙන්නුවෙ නෑ ඕක"

"අපි මොකද්ද කරන්නෙ?"

"ඔයාට මතකද ඒ අකවුන්ට් එකේ නම?"

"ඔව්.....ඒන්ජල් ජන්කුක් කියලා තිබ්බෙ"

"ඕකේ....ඉන්න බලමු"

කැෆේ එකක එලිමහන් ටේබලයක එක ලග පුටු දෙකේ ඉදගෙන හිටිය යුන්ගි හොසොක්ගෙ දුරකථනෙට එබුනා.නම ගහලා අදාල ගිණුම විවර කරගත්තු හොසොක් දුරකතන තිරේ යුන්ගිගෙ මූණට දික් කලා.

"අකවුන්ට් එක ලොක්"

"මේ අහන්නකො හොබා.....චෝයි කාරයා වීඩියෝ එක හොයාගත්තනම් අනිවාම වීඩියෝ එක තිබ්බ එකා ලගපාත කෙනෙක් වෙන්න ඕනි.නැත්තං චෝයි කාරයා අදුනන එකෙක්"

You've reached the end of published parts.

⏰ Last updated: May 20 ⏰

Add this story to your Library to get notified about new parts!

My Precious Soul (Taekook Fanfiction)Where stories live. Discover now