|42|

1.1K 254 225
                                    

සුදූව බෝඩිමෙන් දාලා සුහාන් ගෙදර ආවා... කේශ්ගේ අම්මා හරි කැමති උනා සුදූට.. ඒක සුහාන්ගේ හිතටත් හොදයි.. කේශ් නම් එතනින් පස්සේ ආයේ සුදූත් එක්ක වැඩි කතාවක් කරේ නෑ..මොකද කරන්නේ අනම් මනම් විස්තර ටිකක් ඩිනර් එක ගන්න වෙලාවේ ඇහුවා මිසක් සුදූ තේ අරන් උඩට ආපු වෙලාවෙවත් කේශ් නෙවෙයි සමෝද්‍යා දිහා බැලුවේ..

විහිලුවක් කරන් ආතල් එකේ හිටියට කේශ් එහෙම කෙල්ලන්ට අන්වශ්‍ය විදියට විහිලු කරේ නෑ.. කොහොමත් දැන් නම් ඉස්කෝලේ කැම්පස් කාලේ වගේ දග වැඩ කෝමත් තිබ්බේ නෑ කේශ්ගේ.. කේශ් කියන්නෙ ආතල් එකක් ගන්න වෙලාවට උපරිම ආතල් එක ගන්න අදාල වෙලාවට අදාල විදියට හැසිරෙන මනුස්සයෙක්.. කේශ්ට උලත් එකයි පිලත් එකයි.. කේශ්ට යාලුවෝ නැති තැනක් නෑ... පන්සලේද, හොස්පිටල් එකේද ඉස්කෝලෙද යුනි එකේද පාතාලේ උනත් කමක් නෑ කේශ්ට කන්ටෑක් තිබ්බා... ඒකනේ සුහාන් එක්කත් මෙච්චර හොදට මෙච්චර කල් හිටියේ.... සුහාන්ගෙන් බැනුම් අහ අහ ඉන්න එකම ඇති කේශ්...

සුහාන් ගේට් එකත් වහන් ඇතුලට ඇවිත් වොශ් එකක් දාන් අම්මට කෝල් එකක් ගත්තා... මහ රෑ වුනාට මේ වෙලාවෙත් දෙන්න නිදි නෑ කියලා සුහාන් දන්නවා.. දෙන්නත් එක්ක ඉස්සරහා බංකුවට වෙලා ජීවිතේ ගැන කතා කර කර ඇති නැත්නම් අප්පච්චිත් එක්ක හාන්සි පුටුවේ අප්පච්චිගේ කකුල් අත ග ගා ඇති නැත්නම් නිදාගන්න ලෑස්ති වෙනවා ඇති... එක අතකට සුහාන්ගෙ හිතටත් පට්ට බරක් දැනුනා මේ ජීවිතේ ගැන, ඒත් තව අතකින් බැලුවම සුහාන්ම හිතුවා තමන් අකමැති තැනක රැදිලා ජීවිතේ විදවන්න තරම් හේතුවක් තියනවද කියලා...

-"හෙලෝ අම්මා... "

තුන් පාරක් විතර රින්ස් යනකොට අම්මා ආන්ස්වර් කරා...

="හෙලෝ සුදු මහත්තයා... දැන්ද ආවේ..."

-"ඔව් අම්මා...දැන් නාලා ආවේ.. අප්පච්චි කෝ..."

="මේ රෑ නෑවද.. කීවට වැඩක් තියනවද ඉතින්.. පීනසෙත් තියන් රෑට නාලා සුදු කරගන්නවකෝ කොන්ඩේ ටික..."

-"අයියෝ කෑ ගහන්න එපා අනේ.. ඒම සුදු වෙන් නෑ.. මන් නාන විදියට ඒනම් මෙලහකට ඔක්කොම කෙස් සුදුයි මගේ..."

•විස මාත්‍රා...., • Ťᵃᵉᵏᵒᵒᵏ ⁿᵒⁿᶠⁱᶜ, ᵒⁿᵍᵒⁱⁿᵍ ' ,.Where stories live. Discover now