|41|

1K 243 255
                                    

"ඔහොම බලන්න එපා බන්..."

මුමුනනවා වගේ සුහාන්ට ඒවා ඇහුනේ... සුහාන් තව ටිකක් පුදුම වෙලා නිශ්නර දිහා බැලුවා... නිශ්නරගේ හීනී ඇස් දෙක සුහාන්ව විනිවිද යනවා වගේ.. සුහාන්ට මේ වගේ තියුනු ඇස් දෙකක් හම්බුනාමද මන්ද... සුහාන්ගේ කම්මුල් දෙක රත් වෙලා කනේ ඉදන් හිරි යනවා වැගේ දැනුනේ... නිශ්නර ලග ඉද්දි සුහාන්ට හුස්ම හිර වෙන්න එනවා වගේ දැනුනා...

"අහ්..."

සුහාන් කියන්න ඕන මොකක්ද වත් හිතාගන්න බැරුව ආහ් ගෑවම නිශ්නර ගැස්සුනා...

"ම්ම්..මුකුත් නෑ... දන් අඩුයිද..."

නිශ්නර සුහාන් ගාවින්ම ටිකක් එහාට වෙලා සාක්කු දෙකට අත් දෙක දාගත්තම නිශ්නගේ ඉනෙන් පහල ඉස්සිලා පෙනුනා සුහාන්ගේ මූන ඉස්සරහා.. සුහාන් ඇහිපිය දෙකක් විතර ගහලා අහක බලාගත්තා.. මේවා මූන ඉස්සරහා පේන්නේ ඇයි ඒ... සුහාන් ඇදට අත තියලා නැගිට්ටා...

"දැන් අඩුයීආම්ක්ත්...."

අඩුයි කියලා තඩි ඈනුමක් ඇරිය සුහාන් දැක්ක වැරදි නැත්නම් නිශ්නර සුහාන් දිහා බලලා ලාවට හිනා වෙලා ආයේ කන්නාඩිය පැත්තට හැරුනා.. සුහාන් එහෙමම ලේස් කර්ටන් එකක් දෙපැත්තට ඇදලා දැම්මම ඇස් දෙක නිලංකාර වෙලා යන්න එලිය වැටුනා...

"අද ක්ලාස් කරන්න පුලුවන්ද බැරි නම් රෙස්ට් එකේ ඉන්න... නැත්නම් කොහෙ හරි යන්න තියනවද..."

නිශ්නර පනාවෙන් කොන්ඩේ පිටිපස්සට පීරන ගමන් කිව්වම සුහාන් ජනේලෙන් එලිය බලන එක නවත්තලා නිශ්නර දිහා බැලුවා...

"ඇයි එහෙම ඇහුවේ... "

"කොහොමද..."

"කොහෙ හරි යන්න තියනවද කියලා..."

නිශ්නර ඇහි බැමක් උස්සලා සුහාන් දිහා බැලුවා..

"ඇයි දැන් එහෙම අහන්න බැරිද..."

සුහාන් කෙල ටිකක් ගිලලා උගුර පොඩ්ඩක් පෑදුවා.. ඇයි දන් නෑ එච්චර සැරට අහන්නේ ඒක...

"අහන්න නම් බැරි කමක් නෑ .."

"So...."

"So..මන් අද තිනූට ක්ලාස් කරනවා..."

සුහාන් නිශ්නරගේ මූන වෙනස් වෙන දිහා බලන් කිව්වා... නිශ්නර නැමිලා කොන්ඩේ පීරලා ඉවර වෙලා පනාව ඩ්‍රෝවර් එක උඩින් තියලා අත දිගෑරලා ශර්ට් එක හදාගන්න පටන් ගත්තා... සුහාන් නිශ්නරගේ අත ඇදලා අරන් බොත්තම් දාලා ක්ලිප් එක ගැහුවා... අනිත් අතෙත් ක්ලිප් එක ගහලා උඩ ඇරලා තිබ්බ බොත්තම් දෙකත් දැම්මා...

•විස මාත්‍රා...., • Ťᵃᵉᵏᵒᵒᵏ ⁿᵒⁿᶠⁱᶜ, ᵒⁿᵍᵒⁱⁿᵍ ' ,.Where stories live. Discover now