- 20 -

719 135 113
                                    

දවස් දෙකකට පස්සේ ලැබුණු රජයේ නිවාඩු දවසක් නිසා අද ගෙදර වුනත් ආර්යන් මට මගට එන්න කියලා එතන ඉදන් රශ් එක්ක වාහනේ එයා කියන තැනට එන්න කියද්දී මං ගංගා නැන්දට බොරුවකුත් නොවන ඇත්තකුත් වෙච්ච යාළුවෝ සෙට් එකක් එක්ක අද සෙට් වෙන්න යනවයි කියලා එලියට ආවත් ගංගා නැන්දගේ පොඩි ඇටකිච්චගේ බැල්ම නං එච්චර හොද එකක් නෙමේ

උගේ මේ දවස්වල තියෙන්නේ වෙනමම ලයින් එකක්. ඌ කොච්චරවත් මට ෆිට් තමයි ඒත් මට හිතෙනවා ගංගා නැන්දට ආර්යන් ගැන කේලම කියන්න ඇත්තෙත් මූමදෝ කියලා.. මොකද මූ නිතර නිතර අරහේ මෙහේ රවුං ගහන එකා. එතකොට දැක්කා වෙන්නත් බැරි නෑ. ඒ වුනත් මට මුගෙන් අහන්නත් බෑ ඒ ගැන එහෙම වුනොත් ඌට සැක හිතෙනවා අපි අතර මොකක්ම හරි දෙයක් ඇති කියලා

මෙච්චර ඉක්මනට මේක ගැන ගංගා නැන්දට ආරංචි වුනා නං මං ඊලගට වෙන දේ ගැන හිතන්නත් බයයි.. මොකද මේ බැදීමට මගේ අම්මා කොහොම ප්‍රතිචාර පෙන්නයිද කියලා හිතද්දිත් දහස් වාරයක් හිතට බයයි.. මොකද අම්මට ගාල්ල කියන්නෙම නයාට අදුකොල වගේ ගංගා නැන්දලා ඇරෙන්න.. හේතුව අදටත් මට රහසක්..

මගට කිව්වට හොටෙල් එකටම ගිහින් බයික් එක නවත්තද්දී රශ් ඉදියා ලොබි එක ඉස්සරහ නවත්තපු ඩිෆෙන්ඩර් එකට හේත්තු වෙලා කොට්ටෝරුවෙක් වගේ ෆෝන් එකට කොට කොට..

මෙහෙම බයික් පැද්දට තාමත් කලවේ තුවාලේ ටික ටික ඇදුම් කනවා.. එදා රශ්ම මට ඌ අදුරන ඩොක්ටර් කෙනෙක් ලගින් බෙහෙත් දම්මවලා පරිස්සමට ගෙදරටම ඇරලුවා.. දැන් නං තුවාලේ ගොඩක් දුරට වේලීගෙන එනවා බෙහෙතුත් බොන නිසා.. ඒත් අදටත් එයා දන්නෙ නෑ මට තුවාල වුනා කියලා.. එයා දැනගන්න ඕනත් නෑ

" තුවාලේ කොහොමද යුහස්.. තාමත් අමාරුද.. "

" ප්‍රශ්නයක් නෑ දැං වේලිලා තියෙන්නේ.. එහෙ මෙහෙ වෙද්දී පොඩ්ඩක් ඇදුම් කනවා විතරයි.. "

" ඇයි උබ මැද්දට පැන්නේ.. ආර්යන්ට ඕනම උබව රකින්න වෙද්දී උබට මොනාහරි වුනා නං අරූ මේ ගාල්ලම ගිනි තියයි.. කොහොම වුණත් ඒ වුන පොඩි දේටත් අරුන් ටික කෑලී කරලා පෙට්ටි කලේ නැති ටික විතරයි.. "

ආර්යන් | KookV Donde viven las historias. Descúbrelo ahora