52... රූකඩයක් ......♟️

1.5K 361 395
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... ❤️‍🔥❤️‍🔥....

 ❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.

" ශාන් බේබි තව විනාඩි පහකින් අපි රැස්වීම තියෙන තැනට යනවා....... ශාන් බේබිම පිළිගන්න එතන ඉන්න අය මල් මාලේ දැම්මහම  ශාන් බේබිට එහා පැත්තෙන් හිටගෙන ඉන්න ඇමතුමාගේ කරට ඔයා ඒ මල් මාලේ ආපහු අරගෙන දාන්න ඕන.........තේරුනාද ......."

පැය එකහමාරක පමණ ගමනකින් පසුව වාහනය ටිකෙන් ටික රැස්වීම පවත්වන ක්‍රීඩාංගනයට ආසන්න වෙද්දී තෝමස් පැහැදිලි කළේය...

" හ්ම්ම්ම්......."

මේ වනවිට ඇමතිතුමාගේ වාහනයත් ෂාන්ගේ වාහන දෙක අතරට එකතු වී තිබෙන අතර අවසානයේ වාහන හතරක් ලෙසින් වාහන පෙරහැර ක්‍රීඩාංගනය ඉදිරියේ නතර විය........

" දැන් බැහැලා එන්න ශාන් බේබි......."

තෝමස් මුලින්ම වාහනයෙන් බැස ගත් අතර වාහනයෙන් බහින්නට පෙර යූසේ දෙස එක් වතාවක් බැලූ ශාන්  ඒ අත අල්ලාගත්තේය ....මේ මොහොතේ වාහනය තුළ සිටින්නේ රොවෙන් පමණක් නිසා ඉතින් ගැටළුවක් නැත......

" බයද........."

යූසේ  ශාන්ගේ මුහුණ දෙස බලා අසද්දී ශාන්  ඔව් යැයි කියන්නට හිස සැලුවේය .... ඉතින් මේ ඇත්තෙන්ම මේ මොහොතේ ඔහුගේ හිතට දැනෙන බියයි........ කිසිම දවසක දේශපාලන වේදිකාවකට ගොඩ වී නැති, ගොඩ වෙන්නට හිතා වත් නැති ශාන් හට දැන් මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ සුලුපටු අභියෝගයන් කිහිපයකට නම් නොවේ.......

" බය නැතුව යං මම ඉන්නවනේ ඔයා ළඟ......"

ෂාන් අල්ලා ගත් අත තවත් තදකර එලෙසින් පැවසූ යූසේ  ඒ අත අතහැරියේ ඈතින් ඇමතිතුමත් වාහනය අසලට ඇවිදගෙන එන ආකාරය දුටු නිසාවෙනි......

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔ Where stories live. Discover now