49.. අලුත් මුහුණක්......♟️

786 273 250
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

ඔන්න බෝනස් ඉල්ලුව අයට.......හැබැයි තවත් පිස්සු වගේ කියාගෙන එන්න ඔට්ටු නෑ......ආයෙ අනිද්දා.......එච්චරයි ........

.
.
.
.
.
.

" සුදු කොහෙද ඔය යන්න හදන්නේ?....."

" ෂියෙන් පපා එයාව හම්බවෙන්න ඔෆිස් රූම් එකට එන්න කිව්වා.........ගිහින් ඉක්මනින් එන්නම්.....".

" ඔයා ඊයෙ කීයටද ආවේ........".

" දොළහට විතර......."

", සුදූ පොඩ්.........."

යීහාට තවත් කිසිවක් කියන්නට ඉඩක් නොතබා දොර වැසී ගිය අතර පෙර දින සන්ධ්‍යාවේ නිවසට පැමිණි හොන්ෂිත් යීහා අසලට ඇවිත් සිදුවූ සිදුවීම දෙසත් වැසී ගිය දොර දෙසත් පුදුමයෙන් බලාගෙන සිටින්නේය......

" ශාන් අයියට මොනවා වෙලාද මමා......"

" දන්නෑ පොඩී........ෂියෙන් එන්න කිව්වා කියලා ගියා......."

යීහා කිචන් එකට යන අතර එලෙසින් කියද්දී හොන්ෂිත් බර හුස්මක් පිටකරමින් ඇය පිටුපස ගියේය..... මේ ශාන්ගේ විභාගය අවසන් වූ දිනට පසු දිනයයි...... එසේත් නැතිනම් ෂාන් යූසේගේ එපාට්මන්ට් එකට ගොස් පැමිණි දිනට පසු දිනයයි.....

ට්‍රිප් එකත් කැන්සල් වී ගිය අතර හොන්ෂි සවස හය පමණ වන විට නිවසට ආවත් ඔහුට නින්ද යනතුරුත් ෂාන් නිවසට ඇවිත් තිබුණේ නැත...... ඉතින් දැන් මේ උදෑසන ඔහු සමග වචනයක් කතා කරන්නට හැදුවාට ඔහු කඩාගෙන බිඳගෙන පහළට ගියේ ඇමතිව මුණගැසෙන්නටයි......

",ඇයි මමා ට්‍රිප් එක කැන්සල් උනේ......"

හිතට ඇතිවී තිබෙන කුතුහලය නිසාම ඔහු යීහාගෙන් එලෙසින් අසමින් කිචන් එකෙහි අසුනකින් වාඩිවුනේය .....

" ලින් පුතාගෙ පපා එපා කියලා ........"

" එයා සැරයිද මමා......"

" ලින් පුතාගෙ පපාද......."

" හ්ම්ම්ම්........"

" එහෙම නෑ පොඩී........ මම හිතන්නෙ කවුරු හරි එයාව බයකරලා.....ට්‍රිප් එක අතර ලින්ගෙ ජීවිතේට කරදරයක් කරනවා කියලා ......."

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now