11 වෙනි දිගහැරුම

741 133 529
                                    

" මා පුතා....!!! "

ලමාතැනිගේ කලබල ගතියක් පිරුන කටහඬ කාටත් කලින් සාලේ පැත්තෙන් ඇහුනා...මං එතකොටත් හිටියේ පයිප්පේට මුහුන අල්ලගෙන....හිච්චි හාමූ වලව්වට එන්න ප්‍රමාද වෙන තප්පරයක් තප්පරයක් ගානේ මොකක්දෝ හේතුවකට මගේ පපුවත් ඕනාවට වඩා ගැහෙන්න ගත්තා...මහ පාන්දර හිතන්න හොඳ නැති දේවලුත් මට මේ ගෙවිච්ච පැය ගාන ඇතුලේ හිතුනා...අවසානේ ඒ හැම බය සිතුවිල්ලකම නිමාව විදිහට මගේ ඇස් අස්සේන් බිමට වැටෙනකන් බලන් ඉදිය කඳුලු බිංදු කවුරුත් පේන මානේක නැති ඉසව්වකට ගිය සැනින් හොර රහසේම කම්මුල් අතරින් බේරිලා පල්ලම් බැස්සා...

මං ඉක්මනින් පයිප්පේ වහලා කමිස කරෙන් මුහුන පිහිද ගන්න ගමන් දඩිබිඩියේ සාලේට ගොඩ උනා...

ඒ එනකොටත් ඇතුල් වෙන දොර වහගෙන ශරීර කුඩූ තුනක් දොර ඉස්සරහා හිටගෙන හිටියා....ලමාතැනි , ලොකු හාමූ ඇරුනාම අපේ අම්මාත් එතන උන්න නිසා මං සාලේ ඉදන්ම ඉස්තෝප්පුවේ හිටිය අනිත් කට්ටිය දිහා බලන්න බෙල්ල දික් කෙරුවා....

හිච්චි හාමූ එළියට ගියා කියලා නෙමෙයි....හරියටම රෑ දහය වෙනකොට මුලු වලව්වෙම ලයිට් සුපුරුදු පරිදි නිවලා දැම්මා...සාලේ ඇතුලේ පත්තු වෙච්ච ලයිට් කිහිපය විතරයි දැනටත් පත්තු වෙවී තිබ්බේ....ඒකේනුත් ඉස්තෝප්පුවේ ඉන්න එවුන් ටික දිහා බලන්න සිද්ද උනේ සාලේට ඇතුල් වෙන්න කලින් හම්බෙන පොඩි කොරිඩෝව කෑල්ලේ තිබ්බ පොට්ට පාට ලයිට් එළියෙන්....

" කොහේ ඉදලාද මෙයාව හොයා ගත්තේ ? "

" ටවුමේ තැබෑරුමේ ඉදලා ලොකු හාමූ....මං දකිනකොටත් නොසෑහෙන්න බිබීයි ඉදියේ...."

" එතකොට වාහනේ ? "

ලොකු හාමූ එහෙම අහන ගමන් ගෙදර ආවායි කියන හිච්චි හාමූව ඒ නාකි ශරීරේට වාරු කර ගත්තා...ඒත් මං තාම හිච්චි හාමූගේ මුහුන හරියට නොදැක්කා....ලොකු හාමූ හිච්චි හාමූව අර මනුස්සයා ගාවින් අරගෙන තමන්ගේ ඇඟට හේත්තු කරගනිද්දි නූල කැඩිච්ච සරුංගලය වගේ හිටිය හිච්චි හාමූ ඉබේම ඇදිලා ගිහින් ලොකු හාමූගේ උරහිස අස්සේ ඒ මුහුනත් තහඩුව ගහ ගත්තා....

තුහින || Thuhina ( taekook nonfic )Kde žijí příběhy. Začni objevovat