මං ගෙට්ටුව වහන අතරේත් කල්පනා කරේ දැන් ටිකකට ඉස්සෙල්ලා මී මැස්සා වගේ ඉගිලිලා ගිය හිච්චි හාමූගේ ලියුම ගැන...
ඒක අස්සෙන් දැනිච්ච අන්නාසි පෑන් සුවඳ මට ඇත්තටම දැනුන දෙයක් ද ? නැත්තම් රාවණගේ සිහියෙන් හිටිය මට ඒ විදිහට දැනුනාද ?
අනේ මන්දා...ඔන්න ඕක අල්ලලා දාන්න තුහින...
මං ඔලුවත් දෙපැත්තට වන වන බඩු මල්ලත් උස්සගෙන වැලි මිදුල දිගේ ඉස්සරහාට ඇවිදිද්දි කිරි පුතාගේ ඩක්කුවේ සද්දේ ඇහිලාද කොහෙදෝ ලොකු ලමාතැනි රෙද්දත් උස්සන් ඉස්තොප්පුවට කඩාගෙන ආවා...
" තුහිනයෝ....කොහෙද අර මා පුතා ගෙටවත් ගොඩ වෙන්නේ නැතුව ආපිට යන්න ගියේ ? "
ඔසරි පොටත් ඉනේ ගහ ගන්න ගමන් ඒක ඇහුව්ව හැටි විතරක්...!! ආයේ මගෙන් අහන්නේ අහවල් ඒකටද...බොගේ මා පුතා දැන් ගෙදර ඉදන් නොවෑ මට කඩ පිලේදි පාට් එක දාන්න ආවේ...
හිතුනා තමා එහෙමම කියන්න....නමුත් ඊගාවට කන්න හම්බෙන බත් පිඟානට කෙල වෙන නිසා මං හෙන අමාරුවෙන් දත් ටික එළියට දාලා බොහොම සිරියාවන්ත විදිහට විරිත්තුවා...
" මට කිසිවක් කීවේ නැහැ අපේ ලමාතැනි...කීවේ වැඩකට යනවා කියලා විතරයි..."
" එහෙමද ? මං එකාට බත් පඩංගුව බෙදාගෙන එන ඩිංගට අර ජිරිබිරිස් එකත් අරන් ගිහින් නේ....මං හිතන්නේ එක්කො තැපැල් කන්තෝරුවට යන්න ඇති..."
බිංකුඩු මැණිකේ එහෙම කියනවාත් එක්කම මගේ කුඩා බඩවැලුත් ඇබරිලා ගියේ කටින් වාන් දාන්න හදන හිනාව දරාගෙන ඉන්න බැරුව....
හයියෝ පුටුස් එකකුත් ගියා...
ඒ කියන්නේ ඒ මඟුලත් කම්මුතුයි ද ?
වෙන්නැති වෙන්නැති...අර මට හම්බුන ලියුම අලුත් මැණිකේට යවන්න ලිව්ව ලියුම වෙන්නැති...මගේ අතින් ඇදලා ගත්තේත් ලැජ්ජ හිතුන නිසාද කියලා කවුද දන්නෙ.....
YOU ARE READING
තුහින || Thuhina ( taekook nonfic )
Non-Fictionමා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රා...