4 වෙනි දිගහැරුම

569 117 210
                                    

" අනේ උපාලි මහත්තයෝ....මං ගාව මීට වඩා කාසි පනම් නැහැ නොවෑ...මේ මොනර කොල හතරත් හොයා ගත්තේ බොහෝම අමාරුවෙන්...ඉතුරු ඒවා ටිකත් දෙන්න ගියොත් මයේ පොඩි එකා බඩගින්නේ මැරිලා යාවී..."

මං සාලේ බිත්තියට පිට දීලා ඉස්තෝප්පුවේ වෙන කතා බහ අහගෙන උන්නා...අම්මා අදත් උදැහැනේම නැඟිටලා වලව්වට යන්න කියලා හා හා පුරා කියලා මිදුලට ගොඩ උනා විතරයි තාත්තා මුදල් ගනුදෙනු කරාපු එවුන්ගෙන් එකෙක් අපේ උණ බට වැට ගාව තපස් රැක්කා...

දැන් මිනිත්තු පහලොවක් විතර තිස්සේ මයේ අම්මා මේ මිනිහා ඉදිරියේ වැද වැටෙනවා...මුලින් එක මොණර කොලයක් පෙන්නලා ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න සූදානම් උනාත් අන්තිමට ඌ අපේ අම්මා තනපොටේ ගහන් හිටිය අනිත් මොණරු කොළ දෙක තුනත් ඉල්ලගෙනම උන්නා...

" උබලැගේ මිනිහා මගේන් පනස්දහක් ඉල්ලන් කාසි වලට ඉල්ලද්දි මට මීට වඩා හිතන්න තිබුනා බොල...මගෙත් පුක කහන්නේ නැහැ උබලැගේ ගේ දකින දකින සැරේට ඇවිත් මෙහෙම සල්ලි ඉල්ලන්න...නමුත් වචනේ වචනේ විදිහට තියෙන්න ඕන...."

" මං දන්නවා...මං ඉක්මනින් ණය ගෙවලා දාන්නම් උපාලි මහත්තයෝ...මට ටික දවසක් දෙන්න..."

" උබ දැන් ඔය එකම බෙර පදේ අවුරුදු දහයක් තිස්සෙම ගහනවා නේ...නේද ? කෝ , තවමත් ගෙවලා තියෙන්නේ විසි දහයි...මං දැන් ඉතුරු තිස්දහ ගන්න තවත් අවුරුදු දහයක් මෙහෙ බඩ ගාන්න ඕන කියලාද තෝ මට කියන්නේ කියාපන්කෝ..."

තුහින || Thuhina ( taekook nonfic )Where stories live. Discover now