Chapter 10

259 24 10
                                    

Yashodhra pov

දවසෙන් බාගයක්ම ගෙවුනා දැනුනෙවත් නැත්තෙ මොනවා නැතත් උදේ ඉදන් උගන්නපු නිසා.වෙනුකයනම් උදේ ඉදන්ම පනු ලෙඩේ හැදිලා වගේ ඇබරි ඇබරි හිටියෙ නිකම්වත් මැක්ස් එක පැත්තෙ යන්න බැරි වුන නිසා.ශේනුත් ඉදලා හිටලා අපේ පන්ති පැත්තෙ ඔලුව දදා ගියේ පීරියඩ් එක ඉවර වෙනකම්.

"අයියෝ හුත්# මේ ගෑනි යන්නැද්ද බන්?පීරියඩ් එක ඉවර වෙලත් මෙතන ලැගන් ඉන්නෙ"

"උබට තියන හදිස්සිය මේකිට නැ බන්!"
චිරාන් කිව්වෙ වෙනුකයට කින්ඩියට හිනා වෙන ගමන්.

"නැ ඉතින් මේකි හිතුවද දන්නැ පීරියඩ් එකටත් වැඩි ඉගෙන්නුවම මේකිගෙ පඩිය වැඩි වෙනවා කියලා....."

"හරි හරි බන් ඉවසන් ඉදහම් දැන් යයි බන්......"

කියලා වැඩි වෙලාවක් යන්න උනේ නැ අචලා ටීච පන්තියෙන් ගියා.

"ආදිත් වරෙන්කො මාත් එක්ක යන්න පොඩ්ඩක් අර පැත්තට"

"උබ පලයන්....."

"අඩෝ යමන් යමන් මාත් එනවා!"
චිරානයා මැද්දට පැන්නා.

"උබලා දෙන්නා පලයන් එහෙනම්"

"අනේ මේ.....මෙන්න මෙහෙ වරෙන්..."

මොනවා කරන්නද ඉතින් මේ හොන්තම් දෙක මාවත් ඇදන් ස්ටේජ් එක පැත්තට ගියා.යද්දිත් අර ත්‍රිබල හිටියෙ පන්තියෙ වාඩි වෙලා කයිය ගගහා.පන්තියෙ තව ලමයි ඉන්න නිසා වෙනුකයා මාවයි චිරාන්වයි එක්කන් ස්ටේජ් එක උඩට ගියා.පස්සේ ශේන්ලත් හිමීට පන්තියෙන් නැගිටලා ස්ටේජ් එක උඩට ආවේ එහා පැත්තට වෙන්න තිබ්බ පුටු ටිකත් ඇදන් ඇවිත්.

"අචලා ගියාද?"

"අප්පෝ ඔව්!මල හොල්මනක් ඒක නම් අප්පා.පීරියඩ් එක ඉවරවෙලත් ඉන්නවා ඔහේ වාඩිවෙලා..."

ශේන් හිනා වෙලා ඊට පස්සෙ බැලුවෙ චිරාන් දිහා.

"මේ කවුද? අලුත් පොරක් වගේ"

"ඔව්....එයා අද ආවේ අලුතින්" වෙනුක කියන්නත් කලින් මම පැනලා කිව්වේ ශේන් ඒක අහපු විදිය මට වැඩිය අල්ලන් නැති නිසා.

"ආහ්....එහෙමද?කොල්ලො ටික අල්ලන් රැග් එකක් එහෙම පෙව්වෙ නැද්ද ඉතින්"

ආදිත්...Where stories live. Discover now