Chapter 8

193 26 30
                                    

Yashodhra pov

ආරාධිත අමුත්තො ඔක්කොම කට්ටිය ඇවිත් කාලා ගියාට පස්සෙ ඊලගට ආවේ ක්‍රිඩා සෙට් එක එයාලටත් මෙතනම සංග්‍රහ කටයුතු ලෑස්ති කරලා අනිත් ස්කෝලෙ ලමයි හැමෝටම පන්ති වලට කෑම යැව්වා.

නිශ්ශබ්දව තිබ්බ හෝල් එකම පිරිලා ගියේ ක්‍රිඩා ලමයි ඇවිල්ලා මේසෙන් කෑම අරගෙන එතනම එහා පැත්තෙ පුටු වල වාඩි වෙලා කද්දි.අපිත් ඉතින් ඒ අස්සෙ අර ඉවර වෙන වෙන පිගන් වලට ආයෙ ආයෙ කෑම දැම්මා.ඒ අයත් එක්කම ටිකකින් කැඩෙට් කරන සෙට් එකවත් ලොකු සර් එක්කන් ඇවිත් එතනම සංග්‍රහයට සෙට් කරා.පව් ඉතින් එයාලටත් මහන්සිනෙ අර යුනිෆෝම් ඇදගෙන වෙපන් අරගෙන අනික ඉතින් පිට ස්කෝලෙක ගෑනු ලමයි සෙට් එකක්නෙ සලකන්නත් එපැයි.

ගෑනු ලමයි ටික පෝලිමට ඇවිල්ලා බෙදා ගද්දි තමයි එතනට ආදිත්ලත් ආවේ.ආපු ගමන් පෝලිම් කිසි දෙයක් බලන් නැතුව මේසෙ තියලා තිබ්බ බීම තුනක් අරන් තුන්දෙනා පැත්තකට ගිහින් ඩෙස් එහෙකට හේත්තු වෙලා බිව්වා.

පෝලිමේ අන්තිමට කලින් එක්කෙනාට ආපු ආකාශාට මම මටත් එක්කම පිගානක් දීලා කිව්වෙ මටත් එක්කම බෙදාගන්න කියලා.

"මොනවද ඕනේ?"

මම මට ඕන ඒවා ටිකත් පෙන්නුවාම ආකාශා ඒවත් බෙදාගෙන පැත්තකට ගිහින් වාඩි වුනා.ඒ වුනාට මට නම් කොහාටවත්ම යන්න විදිහක් තිබුනෙ නැ මොකද තව තව ලමයි එන නිසා.

වෙනුකයත් මෙතනට වෙලා හිටියට හිත තිබ්බෙ මැක්ස් එක මුල්ලක වාඩි වෙලා කන ශේන්ලා ගාව.පස්සෙ ටික වෙලාවකින් මැඩම් ඇවිත් වෙන කෙල්ලෝ දෙන්නෙක්ව මේසෙ ගාවට දාලා අපිට යන්න කිව්වා.

"යශා යමන් අර පැත්තට...."වෙනුක් කිව්වෙ ආදිත්ලව ශේන්ලව පෙන්නන ගමන්.එවලෙ ආදිතුයි ශේනුයිත් අපි දෙන්නා දිහා බලන් හිටියෙ.

"උබ පලයම් බන්!මගේ කෑම එක ආකාශා ගාව මම එහෙට යන්නම්..."

කියලා මම එතනින් ආවා.හරි ශක්තිමත්ව මම එහෙම කිව්වත් ඒ වචන වල හිතන තරම් හයියක් තිබ්බෙ නැ.ඒත් ඒක පිට පේන්නැති වෙන්න මම වග බලාගත්තා.

මම මැක්ස් එකෙන් එලියට බැස්සාම එතනම එහා පැත්තෙ තියන ස්ටේජ් එක උඩ මේ පැත්ත බලන් වාඩි වෙලා කකුල් දෙක්ත් හොල්ල හොල්ල හිටියෙ ආකාශා.

ආදිත්...Where stories live. Discover now