ඇඟිලි විස්කෝතු

Beginne am Anfang
                                    

ඇඟිලි විස්කෝතුව කාලා උබ කෝප්පෙ හෝදල දාලා යන්නෙ මට රවාගෙන.. ආයෙ බත් එක ගෙනත් දාල යන උඹෙන් මුලදි මුලදි මං ඔයා කාලද කියල අහද්දි පැහිච්චකම නැතුව කාපං කියල මට කඩං පනිද්දි ඉබේම ඒ ප්‍රශ්න අහනෙක නැවතුනා.. මම කෑවා.. උඹ කෑවද කියල මං අදටත් දන්නෑ.. හැබැයි උඹ තේ බිව්වා..

                     එහෙමත් දවසක මං උඹ එනකල්ම ඇහැරල ඉන්නවා.. ඒ නැතත් අඩ නින්දෙ ඉන්දැද්දි දොර ක්‍රෑස්ස්ස් ගාද්දි මට ඇහැරෙනවා.. එන පිම්මටම භූමිතෙල් ලිප පත්තු කරල කිරි උනුකරන හට්ටියට බෝස් ගාලා වක්කරන කිරි බෝතලේයි, ඒකටම නටන්නත් කලින් පිම්මට දාන තේ කොළයි ඉඳල හිටල කාලෙකට උඹ දාන වැනිල කුඩුයි අපේ පුංචි බෝඩිං කාමරේ සුවඳ උතුරවනවා.. භූමිතෙල් ලිපෙන් එන දැලි ගඳයි, කිරි උණු කරද්දි එන වැනිලා සුවඳයි එකේකා පරාදකරල දිනන්න හදන බෝක්කුව යට බලු කුක්කො දෙන්න වගේ.. ඇට්ට ගැහිච්ච කනාටු වෙච්ච කුක්කො දෙන්නා අපි හැමදාම දාලා එන ටී බනිස් එක කන්න පොරකන්නෙත් වැනිල කිරි කහට සුවඳයි භූමිතෙල් දැලි ගඳයි කාමරෙ වැඩියෙන්ම පැතිරෙන්න දඟලන විදියටමයි..  වැඩිවෙලා දඟලන්න නොදී උඹ ඇඳ පැත්තෙ තියන ලෑලි ජනෙල් පියං දෙක අරිනවා..  ලෙක්චර් එක ඉවර වෙද්දි දොරවල් දෙබෑ කරං එලියට දුවන ළමයි රොත්ත පරාදයි සුවඳවල් දෙක එලියට දුවන ගැම්මට...

                 උඹ හදන මේ අමුතු කිරි කහට එක රසද නැද්ද කියන්න මට මතකයක් නෑ.. පැය ගානකට කලින් උඹේ හුස්මට මත්වෙලා ඉදපු මම  නිදිමරගාතෙ උගුරකට දෙකකට වඩා ඕකෙන් බොන්නෙ නෑ... පදමට උණු නොවුනු නිසාද මන්දා මට ඒක දකිද්දිත් අපුලයි.. උඹ හදන තේ වලින් මම ආසම මට බොන්න පුළුවන්ම ඉඟුරු තේක විතරමයි..

          සමහරවිට ඒ මම ඉඟුරු තේ එකේ අවසානෙට ආස නිසා වෙන්නැති.. ඉඟුරු තේක ඉවර වෙන්නේ උඹේ මත් හුස්ම මාව වෙලාගෙන කියල දන්න එකම මට උඹේ ඉඟුරු තේක අමෘතෙට වඩා රසට දනවනව ඇති..
           



          එකාතකට මමත් ඒ තේ එකේ ඉඟුරු කෑල්ල වගෙ බං.. අනුන්ගෙ පෝච්චියක සැපට මහතට හැදිච්ච ඉඟුරු කෑල්ල උඹේ හොර අත් වලින් තැලිල පොඩිවෙලා චප්ප වෙලා උඹ ආසම ඉඟුරු ප්ලේන්ටිය වෙන්න ගොජ ගොජ ගගා පැහි දාන උණු වතුරෙ සාරෙම දියකරල දානව... අවුරුදු හතරක්ම මං කලෙත් ඒක නෙවෙයිද...

              

හැබැයි උඹ දන්නවද මගෙ මැණික, මං අදටත් ඉඟුරු තේ බොන්නෙ නෑ..











-----------------------------------------------------------------------

හො හෝ යාලුවනේ අම් බෑක්ක්ක්ක්

😌

කතාව කියවපු යාලුවන්ට සෙයා කරලා ආයෙ එකතු වෙන්න ළමයි ටික කෝපි බොන ගමං තේ ගැන කතා කරන්න ....

ඉක්මනින්ම එන්නම්
තේකක් අරං
😚😚😚❤️

Coffee scented tea ☕Wo Geschichten leben. Entdecke jetzt