ඉඟුරු ප්ලේන්ටී

166 39 11
                                    

නවයට පටං ගන්න ලෙක්චර් එකට උඹ කවදාවත් ගියාද කියල මං දන්නෑ.. කැන්ටිමේ පල් රහ ප්ලෙන්ටිය උගුරෙන් උගුර බොන ගමන් උඹ ලෙනින් ගැන කාල් මාක්ස් ගැන මාඕ සේතුං ගැන ෆිදෙල් ක්‍රස්ත්‍රෝ ගැන කා එක්ක හරි කතා කරනව.. මට කවදාවත් ඒ කතාව ඉවර වෙනකල් අහං ඉන්න වෙන්නෑ.. උඹේ පල්‍ රහ ප්ලේන්ටියෙ දෙවෙනි උගුරයි හතර වෙනි උගුරයි මට.. උඹ පලවෙනි උගුර කටට අරං මඩපාට පීරිසි කෝප්පෙ මං ළඟින් තියනවා.. මං දෙවෙනි උගුර බොනවා... තුන්වෙනි උගුර උඹේ.. ආපහු හතර වෙනි එක මට.. පස්වෙනි එක බීල හය වෙනි එකත් බොන්නෙ උඹ..




මට තියෙන්නේ යන්න.. දුවල හති දදා විනාඩි එකහමාරෙන් ලෙක්චර් හෝල් එකට රිංගන්න.. ආපහු උඹව දකින්න වෙන්නෙම නෑ.. දවල්ට මං කැන්ටින් බත් එකක් ගිල්ලට උඹ පේන්නවත් නෑ.. හවසට මගෙ ලෙක්චර් එක ඉවර වෙන වෙලාවටම උඹත් එනවා.. කොහෙන් කොහොම එනවද දන්නෑ.. මගෙ ලෙක්චර්ස් කීයට ඉවර උනත් මං ගේට්ටුව ලගට යද්දිම උඹත් එතන.. පුදුමයි නේද.. ඒ දවස් වල මං නිතරම හිතුවා මට නොදැනුනාට උඹ මං ගැන කොයිතරංනං හිතනවා ඇත්ද කියලා.. මගේම මෝඩකං වලට දැං මට හිනාවෙන තැනක් හිතාගන්න බෑ..



බෝඩිමට ගිය ගමන් මං දුවන්නෙ නාන්න.. උඹ එහෙමම තේ හදනවා.. එනගමං ඇන්ටිගෙ මල් පෝච්චියක තියන ඉගුරු කෑල්ලක් තප්පර අරික්කාලට උඹ ගලවන විදිය මට තාම හිතාගන්න බෑ.. මං හුගාක් ඇස් බැන්දුම් විජ්ජාවල් මායාවල් දැක්කා... ඒත් ඒ එකක්වත් උඹ ඉගුරු කෑල්ල ගලවන එක තරං මායාකරී නෑ... මං නාන්නෙ උඹ ගලවල වීසිකරන ඇදුං හෝදන ගමන්.. උඹේ හැම ඇදුමක්ම කිරිකෝපි සුවදයි.. මොන පුදුමයක්ද ඒ..





අන්තිම දවස් වල මං උඹෙන් හොරකං කර ගනිපු කළු පාට අත් නැති බැනියම මගේ ගමන් මල්ලෙ මුල්ලක හැමදාම තිබුනා.. ලෝකෙ දන්න නොදන්න කෙලෝරවල් හොයං යන ගමනෙදි උඹව මතක් වෙනකොට මං මගෙ මල්ල අවුස්සලා අවුස්සලා ඒක හොයාගන්නවා.. ඒ ගැම්මට නාහෙට තද කරං බර හුස්මක් ගන්නවා.. මම්මගෙ කිරිකෝපි සුවද... උඹේ සුවද මගෙ ඇස් දෙක ලාවට තෙත් කරනවා.. උඹේ කහට පාට තේ මණ්ඩි පාට ඇස් මට මැවි මැවී පෙනෙද්දි මට උඹෙ තුරුල්ලටම දුවං එන්න හිතෙනවා..







මං නාගෙන එද්දි පුදුම සුවදයි කාමරේම.. ඉගුරු දාපු අඩුසීනි ප්ලෙන්ටිය එක්ක ඇගිලි විස්කෝතු දෙකක් මට හම්බෙනවා.. උඹට එකයි.. මං ඇගිලි විස්කෝතු තේ එකේ පොගවං කන්නෙ තුවාය පිටින්ම මේසෙ උඩ වාඩි වෙලා ... උඹ බැම්ම උඩ මේ පැත්‍තට වාඩි වෙලා මං දිහා බලාගෙන තේ බොනවා.. ඔන්න මගෙ මෝඩ හදවත කෝපි කොටනවා වගෙ ඩොග් ඩොග් ගානවා.. ලිස්ස ලිස්ස උඩ පනින කෝපි ඇට වගේ ලේ නහර පුරා දුවනවා මට දැනෙනවා.. ඇගිලි විස්කෝතු වලට වඩා වැඩියෙන් ඉදිච්ච කෝපි ඇට පාට තොල් මගෙ කෝපි මල් පාට දත් ඇදි දෙකට මැදිවෙලා හැපෙනවා.. පෙගිලා වැඩිවුනු ඇගිලිවිස්කෝතුව තේ එක ඇතුලට වැටෙනවා.. හැමදාම වැටෙනවා..







ඔන්න උඹ නැගිටලා මං ලගට ඇවිත් මූනට මූනලාම හිටගන්නවා.. උඹේ කෝපි සුවද හුස්ම මට උහුලන්න බැරුව මට කෙදිරි ගෑවෙනවා..











ම්ම්ම්හ්හ්හ්














************************************
තේ ගෙනාවා බොන්න ළමයි..

කමෙන්ටුවක් එල්ලලා යන්න..
ආදරෙයි 💚

Coffee scented tea ☕Where stories live. Discover now