අපෙ මහප්පා තමයි මට මතක ඇති කාලෙක රට හිටපු එකම මනුස්සයා.. මහප්පා හිටියෙ ජපන්.. මහප්පා කියන වචනෙ වගේම මනුස්සයා විසාලයි.. ලොකු තට්ටෙකුයි තඩි බඩකුයි එක්ක මනුස්සයා වලහෙක් විතර ඇති.. මහන්තත්ත කමත් මනුස්සයට වැඩිය අඩියක් දෙකක් උඩින් යන ගානයි.. වැඩිය රටවල් ගැන නොදන්න කාලෙනෙ ඒ.. මහප්පා කිව්ව විදියට ජපන්නු තරං උසස් ජාතියක් මේ ලෝකේ වෙන නෑ.. ජපානෙ තරං දියුණු ලස්සන රටකුත් වෙන නෑ..ඇත්ත ජපානෙ ලස්සනයි තමයි... හැබැයි අර මහප්පා ඇවිත් කියද්දි තිබුන තරං මාර එකක් මට ජපානෙන් හම්බුනෙ නෑ.. සමහරවිට ජපානෙ කියන්නෙ මගෙ වයිබ් එකට සෙට් වෙන රටක් නෙවෙයි වෙන්න ඇති... ෆාස්ට් ෆෝවඩ් කරපු ෆිල්ම් එකක් වගෙ වේගෙන් එහෙට මෙහෙට වෙන කලබලකාරී මිනිස්සු, කිසිම අඩුපාඩුවක් නැති අංගසම්පූර්ණ චිත්‍රයක් වගේ පරිසරයයි, තද විනයක් තියන ස්කෝලයක් වගෙ රටක් කියලයි මට ජපානෙ ගැන හිතෙන්නේ.. ජපානෙ ඇතුලෙ තියන ඒ අංගසම්පූර්ණ වයිබ් එක මට හිසරදේ හදනවා.. සමහරවිට කෑලි වලට කැඩිච්ච මගේ ආත්මෙට ජපානෙ අංගසම්පූර්ණ බව දරාගන්න බැරුව ඇති...
මහප්පා හැම අවුරුද්දෙම නත්තලට ලංකාවට ආවා.. ඒ එන හැම පාරකම අරුම පුදුම ජපන් තෑගි හැමෝටම වෙන වෙනම ගෙනාවා.. ගොඩක් වෙලාවට මට හම්බුනේ පුංචි පුංචි කාර්.. කවදාවත්ම කාර් වලට ආසාවක් නොතිබුනු මම ලබන අවුරුද්දෙ ජීප් එකක් ගෙනත් දෙයි කියල නොනිමි බලාපොරොත්තුවකින් බලං හිටියා.. අද වෙනකල් මට සෙල්ලං ජීප් එකක් හම්බුනේ නෑ.. මගෙ ජීවිත කාලෙටම මට ඕනෙ උනු කිසි දෙයක් ලැබිලා නැද්ද කියල මට වෙලාවකට හිතෙනවා.. මට තදින් ඕන උනු තදින් අසා උනු කිසිම දෙයක් කවදාවත් මට ලැබුනෙ නෑ... උඹත් ඒ ගොඩේම නේද මගෙ වස්තුව...
මම්මට අසනීපයි කියල පණිවිඩේ යවපු වෙලාවෙ මහප්පා මම්මාට විතරක් පාවිච්චි කරන්න පුළුවන් මහ බඩු පෙට්ටියක් එව්වා.. හැබැයි මම්මට ඕනෙ උනේ මහප්පගෙ මූණ බලන්න.. ඒ නිසා කවුරුත් ඒ බඩු පෙට්ටියට අත තියන්න ගියෙ නෑ.. කොහොමහරි මම්මා නැතිවුණා.. හත් දවසෙ පිංකමට ගේ අස් කරද්දි බාප්පාගෙ පුතා රිද්මික මල්ලි බඩු පෙට්ටිය කැඩුවා.. ඒකෙ තිබුන හොඳ ස්ප්‍රිං මෙට්‍රස් එකක්.. ඒක අම්මලා බන කියපු සද්ධාවංශ ලොකු හාමුදුරුවන්ට පූජා කලා.. ඊට අමතරව තිබුනු පුංචි පුංචි පාර්සල් වල තිබුනා මල්ටිවිටමින් බෝතල් දෙකක්, බෙහෙත් වෙන් කරල දාන්න පුළුවන් පොඩි පවුච් එකක්.. උණු වතුර බෝතල් සෙට් එකක්... උණු වතුර බෑග් දෙකක්.. හොඳම වර්ගෙක මල් මල් කොට්න් රෙදි හතරක් එක්ක ග්‍රීන් ටී බොක්ස් එකක්..