දවස් තුනක් එකදිගට ඇන්ද කියල මගෙ ඩෙනිමෙ කුණු ගෑවෙන්නෙ නෑ.. මං ඩෙනිම ඩෝල් ඩෝල් ගගා පොලවෙ ගහන්නෙ උඹ දිහා මං බලන එක උඹට පේනවට.. ඇගේ මස් කලදක් නෑ.. කෙට්ටු සරීර කූඩුව.. ඉන දෙපැත්තෙන් කලිසම හැලි හැලි රැදෙන්නෙ උඹ හමට කටු ගහලද කියල නොහිතෙනවම නෙවෙයි.. කලිසමේ ඉලස්ටිය අල්ලල හිටින්න තරංවත් මස් නෑ උඹේ ඇගේ.. දකින දකින හැමේකාම අහන්නෙ උඹ කුඩු ගහනවද කියල..
ඇයි නැත්තං උඹ මේ තරං කෙට්ටු.. කන්න ගියාමත් උඹ පාන් තුන්කාලක් කඩං මට කාලක් තියනව.. මං උයනව කිව්වට මං දන්න එකම ඉවිල්ල පරිප්පු හොද්ද... හැබැයි ඒකෙ පරිප්පු ඇට හොයන්න ස්විමිං සූට් එකක් ගහගෙන පීනන්න වෙනවා.. පරිප්පු දෙසිය පනහකින් සතියක්ම සේප් වෙන්න ඕනෙනෙ.. යාන්තං සායං දියවේගෙන යන ප්ලාස්ටික් දීසිය පිරෙන්න වතුර වගේ හොද්දක් හට්ටියෙන් බේරගන්නෙ හැන්දෙන් හට්ටිය රාං රාං ගාලා හූරල දාලා.. එහෙම හීරුවාම වැටෙන්නෙ දැලි මිසක් පරිප්පු නෙවෙයි..
නාගෙන ඉවරවෙලා උඹ එනකොට මං උඹ එනබව දැනගන්නෙ පාපිස්ස උඩ දෙපාරක් කකුල් ගසන සද්දෙට නෙවෙයි.. පැසේජ් කෑල්ල කෙලෝරෙ යකඩ ඇනේක යන්තමට රදවලා එල්ලලා තියන අගල් හයයි අටේ කණ්ණාඩිය ලග උබ නැවතිලා අර ඉස්සරහට වැටිල තියෙන කුකුල් පෙද කොන්ඩ කෑල්ල එහෙ මෙහෙ හරවලා බලනවා... කොච්චර දැගලුවත් කට වටේ විතරක් එන දැලි රැවුල අතගගා බලනවා.. නෑවට පස්සෙ තේ මණ්ඩි වගේ කලු වෙලා දිස්නෙ එන උඹේ ඇස් උඹේ අර කැහැටු මූණෙ හැඩ බලනවා.. උඹ එතන හරියටම විනාඩි දෙකහමාරක් ඇඹරෙනවා..
එතන උඹ නතර උනාම මට අර කිරිකෝපි සුවද එන්න ගන්නවා.. මං කොයිතරං නං එපා කීවත් මගේ මෝඩ කෝපි ඇස් ඒ පැත්ත බලනවා.. එතකොටම ඔන්න උඹේ පස්ස මට හොදට පේනවා.. මුලින් තද නිල් ලා නිල් ඉරි තිබුනු කොට තුවාය දැන් පාටක් කියන්න බැරි තරං දිරලා.. නාලා ඉවරවෙලා අත් යටිං තුවාය දාලා ඇද ඇද පිහිදද්දි ඒක දවසක් ඉරිල ගියේ මැදින්මයි.. ඉතින් උඹ ඒක ඇන්දම තේ කහට පාට උඹේ පස්ස මට පේනවා.. හවස කහට බොන්න ගේන ඇගිලි විස්කෝතු වගේ හීං කකුල් දෙක කෙලවර වෙන්නෙ අර පැතලි පස්සෙන්.. කැන්ටිමේ දහයට විකුනන ටී බනිස් වගේ.. තැලිලා.. පිච්චිලා.. කලු ගැහිලා...
ඉතිං උඹ ආපහු තේ වගේ නේද.. ඉතිං කොහොමද උඹෙන් කිරිකෝපි සුවද එන්නේ..