ඇඟිලි විස්කෝතු

39 9 4
                                    

    

              ඉඟුරු ප්ලේන්ටිය ඇතුලට වැටෙන සීනි තවරපු ඇඟිලි විස්කෝතුව චප්පයක් වෙලා යන හැටිවත් ඒකෙ තැවරිච්ච ලොකු සීනි කැට ප්ලේන්ටියෙ පාවෙන දිහාවත් මට බලන්න වෙන්නෙ නෑ..  ඒ වෙනුවට මට පේන්නේ තද කහට පාට උඹේ ඇස්.. ඒවා ඇතුලෙ හිස්ද පිරිලද කියල මට තේරෙන්නෙ නෑ.. ඒවා ගැඹුරුයි.. මාව ඒ ඇස් ඇතුලෙ ගිලිල යනවා.. උණු වතුර දාද්දි ජොග්ගුවෙ ඉන්න තැලිච්ච ඉඟුරු කෑල්ලක් වගේ.. මම පිච්චෙද්දි පිච්චෙද්දි මාව ගොජ ගොජ ගාන උණු වතුරෙ දිය වෙද්දි දිය වෙද්දි මම උඩ පැන පැන තව ගිලෙන්න දඟලනවා.. උඹේ මායාකාරී තේ කහට ඇස් අස්සෙ මම කිමිදිලාම යනවා.. 





             මම උබ දිහා බලාගෙන හිටියට මට එවලෙට කවදාවත් උඹව පෙනිල නෑ බං.. උඹට මාව පේන්නත් නැතුව ඇති.. මං දැක්කෙ මාව ගිලගන්න හදන කළු කුහරයක් උනාට උඹට පේන්නැත්තෙ උඹට ආරාධනා කරන කිරි සයුරක් වගේ.. පාට පාට දිස්න ගහන තරු පිරිච්ච කිරි සයුර උබව පා කරද්දි අන්ධකාරෙන් වැහිච්ච කළු කුහරෙ මාව ගිලගත්තා..





                   උඹ බිව්වෙ ඉඟුරු ප්ලේන්ටි උනාට උඹ ළඟින් ආවෙ කිරි කෝපි සුවඳක් උනාට උඹේ හුස්ම මං ලඟට එන්න එන්න මට දැනුනේ මත් සුවඳක්.. මත්වෙන සුවඳක්.. උඹේ ඇද ගැහිච්ච නහයෙන් පිටවෙන හුස්ම මගේ බෝල නහය පල්ලට රිංගලා නහයෙ තියන රෝම කූපයක් ගානෙම කිති කවාගෙන පල්ලං බහිනවා.. හුස්ම යන්නෝනෙ ස්වාස්නාල දිගේ පෙනහලු වලට උනාට මට දැනුනා ඒ මත් හුස්ම මගෙ ඇඟේ ලේ නහරයක් ගානෙම ස්නායුවක් ගානෙම දුවන හැටි.. ඇඟේ තියන හැම ස්නායුවක් ගානෙම දුවන ඒ මත් හුස්ම මාව පිස්සු වැට්ටුවා.. මගේ ලේ නහර ඇතුලෙ දඟ කරපු ඒ හුස්ම මාව ගල් ගැස්සුවා... මට හෙල්ලෙන්න බැරි උනා.. කොටිම්ම උඹේ මත් හුස්ම මං ජීවත්වෙනවා කියනෙකත් මට අමතක කරා.. නැත්තං මට හුස්ම ගන්න අමතක වෙන්නෙ නෑනෙ බං..






                 පෙලක් දාට උඹ මාව ඇඳට පන්නන්න කලින් මගෙ කෝප්පෙ උදුර ගන්නවා..ඒකෙ අඩියෙ දියවෙලා යන ඇඟිලි විස්කෝතුව සීනි බෝතලේ හැන්දෙන් අරගෙන උඹ කනවා..

මෙහෙම තමයි රහම බං 






උඹ එහෙම කියන්නෙත් මගෙ දිහා බලාගෙනමයි..  උඹ කිව්වෙ ඇත්තම වෙන්නැති බං..  උඹ දැක්කම ජීවත් වෙන එකත් අමතක උනු ගානට උණුම උණු ඉඟුරු ප්ලේන්ටියෙ පල්ලට ජොහ් ගාලා පැන්න ඇඟිලි විස්කෝතුව රෙදි උනාදාන්න වගේ සීනි කැට ඔක්කොම තේ එකේ දියකරන්නෙයි තේ එකේ රස්නෙට දියවෙලා වැක්කෙරෙන්නෙයි මම උඹේ ඇස් දැක්කම පන නැතුව යනව වගේමයි නේද.. උඹේ මත් හුස්ම වැදුනම මම දියවෙලා යනව වගේමයි.. උඹ තලු මරාගෙන කෑවේ දෝත පුදලම උඹට දීපු ආදරේ බං... උඹ වෙනුවෙන් මට උපන්න උණු වතුර හැඟීම බං.. මොකද මාව පිච්චි නැටුවට උඹ රහට තේ බිව්වනෙ බං...

Coffee scented tea ☕Where stories live. Discover now