පසුවදන

9 0 0
                                    

මේ කතාවට පෙරවදනක් නම් තිබුණේ නැහැ. තනි කොටසක කතාවක් නිසා මට හිතුනා පෙරවදනක් අනවශ්‍යයි කියලා. ඒ වෙනුවට තමයි Teaser දෙකක් විතරක් දැම්මේ. ඒත්.., කතාවට පසුවදනක් නම් අනිවාර්‍යයෙන්ම අවශ්‍යයි කියලා හිතුනේ, කතාවේ තියෙන තරමක් සංකීර්ණ බව එක්ක සමහර කරුණු මට නැවත පැහැදිලි කරන්න සිද්ධවෙනවා කියලා හිතුන නිසා.

ඉතිං මේ කතාවට මම පාදක කරගත්තේ Lucid Dream [ලූසිඩ් සිහිනය] කියන තේමාව. කතාවේ ප්‍රධාන කාන්තා චරිතය රාත්‍රී නින්දට යද්දී දකින සිහිනයක් තමයි මේ මුළු කතාවෙන්ම විදහා දක්වන්නේ. ඒ වගේම ඒ සිහිනය තුළදී ඇයට මුණගැහෙන විවිධ චරිත මෙන්ම අතිශයින්ම විශේෂ වුණු 'ඔහු', එහෙමත් නැත්නම් කතාවේ ප්‍රධාන පිරිමි චරිතය අතර සිදුවන හරිම සිත් ඇදගන්නා සුළු සරල සිදුවීමක් අලලා තමයි මේ කතාව නිර්මාණය වන්නේ.

'ලූසිඩ් සිහිනය' ක් ලෙස හදුන්වන්නේ මොකක්ද කියන එක, මම කතාව තුළ දී හැකි අයුරින් විස්තර කලා. ඒත් ඒ පිලිබඳව අතිශයින්ම විස්තර කල යුතුයි කියලා හිතුනේ ඒ පිලිබදව මේ කතාව තුළින්ම හදුනාගන්නා කෙනෙක් හිටියොත් කියලා.

රාත්‍රී නින්දට යද්දී අපි විවිධාකාර සිහින දකිනවා. සමහරෙක්ට ඒ සිහින සාමාන්‍ය සිහින වුවත්, තවත් සමහරෙක්ට සිහින කියන්නේ තමන්ගේ ජීවිතයට ඉතාමත් වැදගත් දෙයක්. ඉතිං.., කතාවේ ප්‍රධාන කාන්තා චරිතයටත් එසේමයි.

අපි රාත්‍රී නින්දේදී දකින සිහින නිකම්ම සිහින කියලා අපිට හිතුනට ඒවා විවිධාකාර කාණ්ඩවලට බෙදෙනවා. ඒ අතරින් ප්‍රධාන කාණ්ඩ පහක් තියෙන අතර, ලූසිඩ් සිහිනයන් කියන්නේ ඉන් එක් කාණ්ඩයක්.

🔹️ඔයා කවදාහරි හීනයක් දැකලා තියෙනවද, මේ තමන් දකින්නේ හීනයක් කියලා හීනේ ඇතුලෙදීම දැනගෙන?
🔹️ඒ වගේම කවදාහරි හීනේ ඇතුලේදී ස්වයං පාලනයෙන් තමන්ට ඕනේ දේවල් කරලා තියෙනවද?

ලූසිඩ් සිහිනයක් කියන්නේ එහෙම කරන්න පුලුවන් සිහිනවලට.

ඒ සිහිනයන් අපි දකිද්දී අපිට පුලුවන් ඒ සිහිනය ඇතුලෙදි අපිට ඕනේ දේවල් කරන්න. සිහිනය ඇතුලෙදි අපිට ඕනේ දේවල් මවන්න. මේ වගේ තවත් ගොඩක් දේවල්. සරලවම කිව්වොත් ලූසිඩ් සිහිනයක් කියලා කියන්නේ රාත්‍රී නින්දේදී, සැබෑ ලෝකයෙන් තොරව වෙනත් අවකාශයක අපිට ඕනේ විදිහට ජීවත්වෙන්න අවශ්‍ය අවකාශයක් නිර්මාණය වනවා වගේ දෙයක්.

ඉතිං මගේ, In The Middle Of The Night කතාවට පාදක වුණේ මේ උඩින් පහදලා තියෙන ලූසිඩ් සිහිනයක් පලමුවරට දකින යුවතියකගේ අත්දැකීමක් ගැන.

ලූසිඩ් සිහින ගැන තව පැහැදිලි කරන්න දේවල් නම් ගොඩයි. නමුත් කතාව වටහාගන්න මේ කරුණු කිහිපය ඇති කියලා හිතන නිසා වගේම මගේ පසුවදන ඉක්මනින්ම අවසන් කල යුතු නිසාත්, මේ කරුණු ටිකෙන් මම නවතින්නම්.

කතාව මම ලිව්වට ඇත්තටම කතාවට නම දාන්න උදව් කලේ Thushara Sewwandi Abesooriya  මගේ මිතුරිය. සාමාන්‍යයෙන් මම කතාවක් ලියන්න ගද්දීම නමක් දානවා වුණත් මේ කතාව තනි කොටසක් නිසාම ද මන්දා කතාව එකපාරටම ලියාගෙන ගියා. පස්සෙයි නමක් දාන්න මහන්සිවුණේ. ගොඩක් ස්තූතියි ඔයාට නම දාන්න උදව් කලාට.

ඊටපස්සේ කවරය ගැන අතිශයින්ම කතා කරන්න ඕනේ. මොකද මේක හැදුවේ මම! මට ඕනේ විදිහට ම ආව නිසා හරිම සතුටුයි.

පසුවදන අවසන්!

කතාව කියවපු අයගේ අදහස් දැනගැනීමේ මහත් ආශාවක පසුවනවා. ඔයාලා කතාව දැකපු විදිහ ගොඩක් වෙනස් වෙන්න පුලුවන්. ඉතිං ඒ ගැනත් අදහසක් කියන්න කියලා ඉල්ලන ගමන්ම මෙතනින් මගේ පසුවදන අවසන් කරනවා In The Middle Of Night කතාව වෙනුවෙන්.

ගොඩක් ස්තූතියි කතාව කියවපු හැමෝටම වගේම අදහස් දක්වපු හැමෝටම.

💫 Apsara Kumarasinghe 💫

In the MIDDLE of the NIGHT | [COMPLETED]Where stories live. Discover now