💭In the MIDDLE of the NIGHT 💫

38 4 0
                                    

එදින රාත්‍රියේ මා ගතට දැනුනේ මහත් විඩාවකි. කායිකව මෙන්ම මානසිකවත් මම විඩාවට පත්වී සිටියේ, මා ජීවිතය තුල පවතින පුදුමාකාර පීඩාකාරී තත්ත්වයන් නිසායි. නමුත්, රාත්‍රී නින්ද සහ රාත්‍රී සිහින යනු, මා ජීවිතය වෙනම තලයකට මා රැගෙන යන, මා අත් උදව්කරුවනුයි. ඉතිං රාත්‍රිය.., මා සිහින පෙළ.., මා පැමිණෙමි ඔබ වෙතට. ඔබෙන් සුවය ලබන්නටත්, ඔබෙන් සුවපත් වන්නටත්.

එසේ සිතා මම නිදිදෙව්දුව සමඟ ඇතිකරගත් මනරම් ගිවිසුමත් සමඟම, සිහින රාජ්‍ය වෙත පිවිසියෙමි.

මා සිටියේ අඳුරක ය. ඒ අඳුර කොයින්ද කියා සිතාගත නොහැකි තරම්ම, මේ වටපිටාව මට හුරුපුරුදු නොවූවකි. මා වටපිට බැලුවේ, මේ සිටින්නේ කොහෙද කියා කුමන හෝ ඉඟියක් ලබාගැනීමේ අදහසිනි. නමුත්, වටහාගත නොහැකි තරම්ම අඳුරු රාත්‍රියකයි මා සිටියේ. මා හැඳ සිටියේ, කුණු ලේ පැහැති දිදුලන ගවුමක්. එය ඉතාමත් සුන්දරයි. මා සැබෑ ජීවිතයේදී නම් මෙවැනි ගවුමක් දැක තිබුණේ, රූපවාහිනියේ නළු නිළියන්ගෙන් හෝ, අන්තර්ජාලයේ නිරූපිකාවන්ගෙන් පමණි. මා තරමක් පිරිපුන් ශරීරයකින් යුත් යුවතියක් වූ මුත්, ඒ නිමි ගවුම මා ගත මනාවට අලංකාරවත් කලා. මාගේ කැරලි ගැසුනු කෙහෙරැලි, ඉතාමත් ලිහිල්ව මා ගත වටා දැවටී, රාත්‍රී සිසිලස මා සිරුරට දැනීම වළක්වන්නට මහඟු උත්සාහයක නිරත වුණා.

"ඔයා යන්න ඕනේ වෙලාව පහුවෙලා නේද?" මා අසලට පැමිණි තවත් මා වයසම පසුවුණු යුවතියක්, එලෙස මගෙන් විමසද්දී, මම උත්සාහ කලේ ඇයගේ මුහුණුවර මතක්කරගැනීමටයි. ඔව්, මා ඇයව දනිමි. මේ සිටින්නේ මාගේ මිතුරියකි. නමුත් ඇය සමීප මිතුරියක් නොවේ. නමුත් දැන් මට වටහාගැනීමට හැකියි, මා මේ සිටින්නේ කොහිද කියලා. මේ තමයි මා පසුගිය වසරේ දී, අධ්‍යාපන කටයුතු කිරීම සඳහා තෝරාගන්නා ලද, පෞද්ගලික විශ්වවිද්‍යාලය. නමුත් මේ වනවිට මා ඉන් ඉවත්වී මගේ දිවියේ වෙනස් ම මඟක පිවිසෙමින් සිටින්නේ, එහි වියදම් දැරීමට තරම් මා ආර්ථිකව සවිමත් නොවූ නිසායි. කෙසේනමුත් මේ මිතුරිය නම්, විශ්වවිද්‍යාලයේදී මා ලගින්ම සිටිය අයෙකි. නමුත් වසරකට විතර පසු, ඇයගේ රුව මෙසේ හදිසියේම සිහිනයෙන් දුටු නිසාද කොහෙද, මා සිටියේ වික්ශිප්තවයි. ඒ, මීට පෙරදී කෙදිනකවත් මා ඇයව සිහිනයෙන් නොදුටු නිසයි. මා හට මේ සිහිනය කෙමෙන් කෙමෙන් වැටහෙන්නට පටන්ගත්තේ, පසුබිම් කතාවක් සේ යම් යම් තොරතුරු මනසින් මා හට පහදාදීම ආරම්භ කිරීමෙනි.

In the MIDDLE of the NIGHT | [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora