" නිර්නාමික-38 "

Start from the beginning
                                    

ඒත් එක්කම වගේ ආධිල්ගෙ ෆෝන් එක රිංග් උණා .

නිරාශා 📲

ආධිල් : අඩෝ.... නිරාසේ ගුම්මොර්නිම් !

නිරාශා : අම්නේ.... මගේ ආධිලේ . ගුඩ්මෝනින් . ඒක නෙවෙයි මොකෝ ඔය පැත්‍තෙ විස්තර ඒම ?

ආධිල් : ඉන්නවා බං . තුහිනලගෙ ෆැමිලියම කෝට් එකට ගියා . එන්න දවල් වෙයි.  මං ඉතින් මෙහෙ එතකන් ඉන්නවා ඔන්න ඔහේ....

නිරාශා : හුම්.... උඹ පෙම් සුව වින්දැයි ඊයෙ ? සික්කේ.... මට අර මලක් අහුල ගන්න කියන්න අමතක උණානෙ .

ආධිල් : ඉතින් උඹලේ අක්කා ඉන්නෙත් මෙහෙ නේ . ඇවිල්ලා මලක් බැරිනම් මල් වට්ටියක් හරි අරං පලෑම් .

නිරාශා : මට බෝයිපෙන් කෙනෙක් නැති නිසානෙ මේ සේරම . එන්න එපා උඹ . මං සිංගල් උණාට අනාගතේ එහෙම වෙන එකක් නෑ . ඒම එකෙක් හම්බුණාම මං මල් වට්ටියක් නෙවෙයි මල් වත්තක්ම ගෙන්න ගන්නවා...

ආධිල් : හුම්...හුම්.... බලන්න බැරියෑ . අහ්.... මේ අහම්කො නිරාසේ . අපේ ශෙවෝන් උත්තමයා ඒම උඹට හම්බුණාද ?

නිරාශා : අම්..... නෑ . හම්බුණේ නම් නෑ .

ආධිල් : ඒ කියන්නෙ කෝල් කළාද ?

නිරාශා : ඒත් නෑ . මොකද්ද සීන් එක ?

ආධිල් : හ්ම්.... මුගෙ සද්ධයක් නෑනි බං . තුහින ඊයෙ උදේ කෝල් එකක් ගත්තා කිව්වා . ඒත් අන්සර් කරලා නෑ . මාත් දැන් ගත්තා ෆෝන් එක ඕෆ් .

නිරාශා : මං ගිහින් බලන්නද ? උඹ ඕම කිව්වම බයත් හිතෙනවා . ඊයෙ උදේ ඉදන් තාම ඔය බඩකඩිත්තුව ඔන් කරලා නැද්ද ?

ආධිල් : උඹට නෙවෙයි බං . මෙහෙ මාත් ඉන්නෙ බයෙන් . තුහිනයත් නොපෙන්වා ඉදියට ඌත් ඉන්නෙ ඇතුළෙන් ගිණි අරං වගේ .

නිරාශා : මේ අහපං එහෙනම් . මං මේම කරන්නම්.... මං අම්මට කියලා පොඩ්ඩක් ගිහින් බලන්නම් . අම්මපා ගොන් වැඩක් නම් මං ඕකව ඉතුරු කරන්නෙ නෑ .

ආධිල් : ලොකු දෙයක් . උඹ මේ ගැන තුහින ට කියන්න එපා දැන්ම .

නිරාශා : ඔව් ඔව්... නැත්නම් කෝට් එකේ නඩුව යන මැදදි මූ කොළඹ එන්න දගලයි . හරි මට පැයක් දියන්කො උඹ . මං බලන්නම්.  

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now