Chapter 41 ( End )

515 70 22
                                    


Suga pov

"මට සමාවෙන්න මගෙ වස්තුව ආපහු එන්න මෙච්චර කල් ගත්තට "

මම බලාගෙන හිටියෙ අවදි වෙලා බෙඩ් ශීට් එකට කඳුලු පුරවන මගෙ කොල්ලා දිහා. එයා නින්දෙන් කෙදිරි ගාලා අවදි වෙන ලකුණු පෙන්නුම් කරද්දි මම එයා ගාවින් නැගිටලා ආව නිසා එයා තවමත් දන්නෙ නෑ ඊයෙ රෑ හීනෙන් දොඩව දොඩව තුරුල් කරගෙන නිදාගත්තෙ මාව කියලා. එයා හිතාගෙන ඉන්නෙ ඒක හීනයක් කියලා.

මම සිගරට් එකක් අරගෙන තොල් අතර රඳවගෙන මගෙ කොල්ලා දිහා බලාගෙනම ඒක පත්තු කරගත්තා. පුදුමයි තවමත් එයා බැල්කනි එක දිහා බැලුවෙ නෑ. මම නිදාගෙන හිටපු කොට්ටෙ හරව හරව එයා මොනවා හරි හොයනවා. බැරි වෙලාවත් මම ඇවිදින් කියලා කොල්ලට තේරිලාවත්ද??

මම එයා දිහා බලාගෙන කල්පනා කලේ පහුගිය අවුරුදු දෙක ගැන. යුවී මට ඒ විදිහට නොකලා නම් මගෙ නොදරුවට මෙහෙම වෙන්නෙ නෑ. අවසානයට වුනේ මගෙ මෝඩකම නිසා මගෙ කොල්ලා තනියම විඳවපු එක. ඒවා මතක් වෙද්දි නම් මට මම ගැන දැනෙන්නෙ ලොකු තරහක්.

අවුරුදු දෙකක් ආපස්සට ගිහින් බැලුවොත් එදා මගෙ අතින් ඌ මැරුම් කෑවා. හැබැයි නොහිතපු විදිහට යුවී මගෙ ඇස් ඉස්සරහට ආවා. හැමදේම සිද්ද වුනේ ඊටපස්සෙ.

" යූන් යූන් යූන්... බලන්න බබා ඔයා කොයි තරම් මෝඩයෙක්ද කියලා"

" යුවී!!!!!"

" ශ්........ කලබල වෙන්න එපා. ඇයි මේ පුදුම වෙලා... ඔයා හිතුවෙ මූ මැරුනම මට ගොඩක් දුක හිතෙයි මම අඩයි කියලා ද ම්ම්ම්ම්... ආ යූන්? "

"............"

යුවී ඇහුවෙ මගෙ කකුල් දෙක ගාව බල්ලෙක් වගේ මැරිලා ඉන්න එයාගෙ හස්බන්ඩ් දිහා බලාගෙන.

" කොහොමද හිතුවෙ එදා බය කරලා එවද්දි එදා කට පුක පියවගෙන හිටියා වගේ මම අදත් කට පුක පියවගෙන ඉදී කියලාද ම්ම්ම්... තමුන් එහෙමද හිතුවෙ. බැරි වෙලාවත් උබට හිතුනෙ නැද්ද මූ එදා නිශ්ශබ්ද ඇයි කියලාවත්.. ආ යූන්. කොහෙද උඹ ආදරෙන් අන්ද වෙලානෙ හිටියෙ නේද. කෝ දැන් ඌ. පරිස්සමට ඉන්නවද. හහ්"

" තමුන්!!!!!"

" ශ්..... කටවහන්න බබා. එදා ඔයා කතා කලානෙ නේද. අද මගෙ දවස. මේ යුවීගෙ දවස ම්ම්ම්හ්හ් බ්හ්හ්."

Daddy's Naughty Boy  | yoonmin 🔞 | (Completed)Where stories live. Discover now