23 වන දිගහැරුම 📚

122 13 2
                                    


මෙරුන් පාට රෙද්දට රෝස පාට රොබරොසියා හැඩ වැටුන රටාවක් තියෙන ලුන්ගිය..වලලු කර ලගට වෙනකල්ම බොරුච්චි අත් දලා කර කපලා මහාපු රෝස පාට කොට හැට්ටෙ ..කසුන් ගේ වදෙන් බෙරෙන්න බැරුව කොන්ඩෙ පැත්තක ගහපු රොබරොසියා මල එක්ක ශාවිට ගෙනාගෙ අමුතුම ලස්සනක්..

අලි දෙන්නෙක් ගේ සුදු රටාවක් ගිය කලු සරමට ගැලපෙන්න කලු පාටින් රාටව ගිය තනි අලියෙක් ඉන්න සුදු ශර්ට් එකක් ඇදලා..කසුනාත් හරි හැන්ඩියා අද..

" අපේ ශාවි කෝ බන්.."

ශාවි ඉස්සරහ තියාගෙන ආව වෙලෙ ඉදන් කසුනා කරෙ එකිව බයිට් එකට ගත්ත එක..කොන්ඩෙ කොට උනාට අද ඉන්නෙ තනිකර කෙල්ලෙක් නේ..

" පොට්ටද උබ.."

" නැ ඉතින් බලපන් කො උබ ඔහොම ඉද්දි ලස්සන .."

" යැයි..යැයි..යැයි.."

" යශ්..මට දෙහිගෙඩිය උඩ හැන්ද තියාන් යන්න ඔනේ.."

" හැන්ද උඩ දේහි ගෙඩිය මනුස්සයෝ.."

" මොකක් හරි මට එක කරන්න ඔනේ.."

" ඔනෙ දෙයක් කරහන් සරම ගලො ගන්න එපා එච්චරයි.."

" ඩොන්ට් වොරි මයි බඩි..අයියා තදට හිරට ගැටහලා තියෙන්නෙ.."

අශේන් මගේ ඔලුවෙන් අත තියලා ඇස් වලට එබිලා මයි බඩි කියද්දි මාව නිකන් දියවෙලා ගියා වගේ..

එයාගෙ ඇස් අහක නොගෙන මගෙ ඇස් දිහයි තොල් දිහායි මාරුවෙන් මාරුවට බලනවා..ඒ කලු ඇස් ඇතුලේ ඔනම කෙනෙක් ඉක්මනට අතරමං වෙනවා හරියට දැන් මට උනා වගේ..

" කැහ්..කැහ්.."

කසුන්ට ආව කැස්සට අශේන් ගැස්සිලා ඉක්මනට කෙලින් වුනා..

" කිරි කෝඩු හිතට ආල නුඹේ...දෑස යා වුණා
මගෙ කෝල කමට ලෝල හැඟුම....නුඹට පේවුණා"

" පඩුවේ හිටපන්.."

ශාවි මගෙ කනට කරලා සින්දුවක පද මුමුණද්දි මම එකිගෙ අතට වැලමිටෙන් ඇනලා ඔරවගෙන ඉස්සරහ බලා ගත්තා..

" අපෝ...අන්න තේවුඩිච්චි එනවා.."

අපායට ගහාපු පොස්ටරේ වගෙ මුහුනත් හදාගෙන ශාවි කිව්වේ..කහා පාට මල් ලුන්ගියට සුදුපාට හැට්ටෙ හැදලා පබලු මාලයක් දලා එල්ලෙන කරාබු දෙකක් දලා කොන්ඩෙට මල් හැට හුටාමාරක් විතර ගහලා..අපේ පැත්තට ඇවිදන් එන හර්ශිව පෙන්නලා..

You've reached the end of published parts.

⏰ Last updated: May 16 ⏰

Add this story to your Library to get notified about new parts!

නොනිමි (Yizhan)Where stories live. Discover now