10 වන දිගහැරුම 📚

221 23 2
                                    

අත්තම්මා හිටවලා තියෙන සුදු ගැට පිච්ච මල් වැටේ මල් පිපුනාම මුලු වත්තම පිච්චමල් සුවදයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අත්තම්මා හිටවලා තියෙන සුදු ගැට පිච්ච මල් වැටේ මල් පිපුනාම මුලු වත්තම පිච්චමල් සුවදයි..ඒ මල් කඩලා පැන් ඉහලා බැග් එකට දලා ගැට හැව්වාම පරනොවි තියා ගන්න පුලුවන් සුවදත් තියෙනවා.. සුදු පිච්ච මල් පුරවපු වට්ටියත් අරන් උදේ-නැ දැන් දවල් 1ත් කිට්ටුයි..

" අයියො යශ්.. අපිට වෙන දවසක එන්න තිබ්බේ..බලන්න සේනග ඔයා දන්නවා නෙ මම සේනග ඉන්න තැන් වලට ආස නැ දැන් මට ඇතුලට යන්නත් බෑ ඔයා ගිහින් වැදලා එන්න මම කාර් එකෙ ඉන්නම්.."

ඉස්කොල වල නිවාඩු දිලා තියෙන නිසා දුර ඉදන් දළදාව වදින්න මිනිස්සු එනවා බස්,වැන්,කාර් මාලිගාව ඉස්සරහ පිරිලා ...සුදු ඇදන් මල් වට්ටියක් අරන් සංවරව යන අය අතරේ පිස්සො වගේ යන අයත් හිටියා..ජාති අගාම් , පාට ,භාශාව බෙදයක් නැතුව අනේකාකාර මිනිස්සුන්ගෙ දළදා මලුව පිරිලා..

ඉස්සර ඉදන්ම ආශේන් සේනග අතරෙ ගැවසෙන්න කැමති කෙනෙක් නෙවෙයි පන්තියෙ උනාත් එයායි මායි කෙලවරේමයි ඉද ගත්තේ..සෙමිනා එකකට ගියාත් ඔය ටිකම තමයි..දැනුත් චුරු චුරු ගානවා සේනග වැඩියි ගගා එහෙම කියලා බැනෙ දැන් එයා මෙවට පුරුදු වෙන්න ඔනේ කැම්පස් ගිහිල්ලත් අනෙ යශ්.. බැ යශ් ගාන්නද පිස්සු...

" තමුසේ ජනාධිපති ගෙ පුතා නෙවෙයි වියාපාරික මිස්ටර් මුනිසිංහ ගෙ පුතා ඒනිසා එනවා යන්න.."

" ඇයි ජනාධිපති ගෙ පුතා ලොකුද.."

" ඌ ලොකුද පොඩිද දන්නෙ නෑ හැබැයි ජනාධිපති ගෙ පුතා උනා නම් සේනග ඔක්කොම අයින් කරලා නිදහසෙ වැදලා එන්න තිබ්බා එහෙම නෙවෙයි නිසා මෙහෙම තමයි යන්න වෙන්නෙ.."

" අපෙ තාත්තාටත් කියන්න ඔනේ ජන්දේ ඉල්ලන්න කියලා.."

" හොදා හොදා..දැන් යන් වෙලා යනවා වැස්සක් අවොත් මල් වත්තෙ යන්න බැරි වෙයි ඔයාට.."

නොනිමි (Yizhan)Where stories live. Discover now