" නෑ අම්මේ මම ආසයි"

අරූ අමුතු ඇක්සන්ට් එකකින් ආසයි කිව්ව විදිහට මගෙ බඩත් බුරුල් වුනාද මන්ද. ඈක්කා.. මොකක්ද මේ කතා කරන විදිහ.

" අනේ සුදු අයියෙ ඉක්මනින් යන්කො.." අපේ එකී අරූගෙ අතේ එල්ලුනා. හහ්.. දැන් මම නෙමේද බොගේ අයියා ඇටකිච්චියෙ..

" හා යන්.. අපි කාර් එකේ යනවද නැත්තම්ම්.." අරූ අන්න තත්වෙ පෙන්නන්න හදනවා. මේවට මට නගිනව හරියැ.

" ඇයි කාර් එකේ යන්න උබ හිතන් ඉන්නෙ ගම හයිවෙ එක කියලද.. අවුරුදු උත්සවේ මේ අත ළඟ! අනික උබට හරි අමාරුව ඇතිනේ කිරිටොයියා වගේ වන්ඩියෙන් ගිහිල්ලා ඔක්කොම ගමේ කෙල්ලො ටික දාගන්න.. අනේ උබේ පකේ පොශ් එක තියන් පුකේ ගහගන්.. පර සුද්දා!"
කියලා ඉවරවෙනවත් එක්කම මගේ කන ළඟින් පට්ට වේදනාවක් දැනුනා. අම්මා මගේ කනෙන් ඇල්ලුව පාර චූ බරකුත් හැදුනා.
"පුංචප්පු! මොකක්ද ඔය කතා කරන විදිහ සුදු අයියට.. අනේ පුතේ ඔයා නංගිත් එක්කලා පාරට යන්නකො මූව එවන්නම් මං.."
අම්මා අරූට කිව්වම ඌ බය වෙලා වගේ බලන් ඉදල ඔලුව හොල්ලලා නංගිවත් ඇදන් ගියා.

හරියන්නෑ.. මූ ආව වෙලේ ඉදන් මම විදින දුක් දෙයියන්ටවත් පෙන්නෙ නැද්ද

අම්මා කන අතෑරලා එරෙව්වා එරවිල්ලක්.
" පුංචො.. මොකක්ද බන් වෙලා තියෙන්නෙ.. කතා කරන විදිහ කියල දෙන්න ඕනද අලි කොල්ලෙක් වෙලත්. හැම තැනටම ඔය විදිහ ගැලපෙන්නෑ කියල කලිනුත් කියල තියෙනවා මම. අනික තෝ ආයෙ මගෙ ඉස්සරහ කුණුහරප කිව්වොත් කට කඩනවා දැනගන්. බලපන් නම්බුව කනවනෙ .. දැන් පලයන් ... ආ ඕම හිටපන්" අම්මා මාව උරහිස් දෙකෙන් අනික් පැත්ත හරවල තල්ලු කරලා ආයෙම කමිසෙන් ඇදල ගත්තා.

"මොකද?"

" මහේශ්ගෙන් පරිස්සම් වෙයන්. ඌ අවුරුදු උත්සවේ අරක් ගෙන ඇත්තෙ. ඌ එක්කලා පැටලෙන්න යන්නෙපා.. දන්නවනෙ අප්පච්චිගෙ හැටි. අප්පච්චිව එවන්න හිටියෙ. බෑනෙ සුදු පුතාට අර කාමරේ අස් කරන්නෝනා.. ඌව ගෙන්නගත්තනම් සලකන්නත් එපැයි.. තේරුනාද? මිනිස්සු එක්කලා ඕනවට වඩා බජනෙට යන්නෙ නැතුව කරන මගුලක් කරල පරිස්සමට ගෙදර වරෙන්.. " අම්මා අන්තිම ටික කිව්වෙ ආයෙ කන මිරිකලා.

නාඹර (onhold)Where stories live. Discover now