16 කොටස

Začít od začátku
                                    

මේ වෙලාවේ  TV එකේ අපිව පෙන්නුවේ නැතත් ලෝකෙම පිලි ගත්තු ඇකඩමි එකකින් තියන competition එකක් නිසා මේක FB , insta live යනවා.. ඉතින් අනිවාරෙන් නැටුම් වලට ආස කරන හැමෝම මේක බලනවා කියලත් මන් දන්නවා.. ලංකාවේ අය කීයක් බලනවද , මාව අදුරන මිනිස්සු කීදෙනෙක් මන් දිහා බලාගෙන ඇතිද කියලා මට හරියටම කියන්න බැරි උනත් අනිවාරෙන් එක්කෙනෙක් හරි ඉන්න ඕනේ මාව අදුරන.. 

Traditional item එකක් උනත් මන් track එක හැදුවේ සින්දු ගොඩක් එකතු කරලා.. ඒකේ නෝමලි ට්‍රෙන්ඩ් එකට යන සින්දු ගොඩක් තිබ්බා.. මට පුලුවන් ස්ටයිල්ස් වලින් මට පුලුවන් විදියට හැම ස්ටයිල් එකක්ම ඇඩ් කරලයි මන් අයිටම් එක හදා ගත්තේ.. ඒකේ අස්සෙන් අව්රුදු සින්දු දෙක තුනකුත් තිබ්බා.. music ගැන යම් තරමක හරි දැනුමක් තිබ්බ එක ගැන මේ වෙලාවට මන් සෑහෙන්න සතුටු උනා.. මිනිස්සු උනාම ගොඩක් දේවල් ගැන දැනගෙන ඉන්න සහ ඉගෙන ගෙන තියෙන්න ඕනේ.. එතකොට තමයි කල් පැවැත්මක් තියෙන්නේ ඕනෙම දේකදි.. ඒක නොදැනගෙන ඔහේ ආපු උන් තමයි රැල්ලට ඇවිත් රැල්ලට ආයි යන්නේ.. සහ ෆීල්ඩ්ස් වල ඉන්න දන්නේ නැත්තේ.. ඉගෙනගෙන ආපු මිනිස්සු රැල්ලට ඇවිත් රැල්ලට නොයන අය වෙනවා..

මට පුලුවන් උපරිමය මන් කරා කියලා මගේ හිතට සැටිස් නිසාම දැන් මන් පැරදුනත් මට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැ.. සුපුරුදු පරිදි මට හොද ප්‍රතිචාර අදත් ඕඩියන්ස් එකෙන් හම්බුනු එකේ සතුටටත් එක්ක මන් හිනා වෙලා එයාලට ආචාර කරලා ස්ටේජ් එකෙන් බැහැලා පැත්තකට ගියා.. මේ ගෙව්නු දවස් ටිකට මන් හිතුවටත් වඩා මන් තනියම දේවල් කර ගන්න පුරුදු වෙලා හිටියා.

ගෙදරදි ඉරෝන් හිටියට මට එලියෙදි හැ⁣මදේම කර ගන්න උනේ තනියම.. වෙනදට මට මොනාම හරි තරගයක් , මැච් එකක් තිබ්බ දවසට ගෙදර කව්රු හරි , යාළුවෙක් හරි  , teacher කෙනෙක් හරි ලගින් හිටියට අද මන් ස්ටේජ් එකෙන් බැහැලා ආවම වතුර එකක් දෙන්නවත් අඩුම ' ඔයා හොදට කරා '  කියන්නවත් කෙනෙක් මන් ලග නැ.. ඒ අඩුව මට මේ වෙලාවේ සෑහෙන්න දැනුනා..

වෙලාවත් ගිහිල්ලා places ගත්තු අයට මෙඩ්ල් & සෙටිෆිකෙට්ස් දෙන වෙලාව ආවම තමයි ආයිත් මගේ ඇගේ මාළු නටන්න ගත්තේ.. මේ චාන්ස් එක මිස් උනා කියලා මට ප්‍රශ්නයක් නැ තමයි.. ඒත් ඊට වඩා මේක මන් වින් කරොත් මට ඉස්සරහට දේවල් ගොඩක් ලේසි වෙන්න ⁣පුුලුවන්.. ඒ නිසාම මේක ගොඩක් වැදගත් උනා මට.. 3rd place එකට රටවල් ගොඩකින් අය සිලෙක්ට් වෙලා තිබ්බා.. මොකද එකම පොයින්ට්ස් ගාන එන එක සාමාන්‍ය දෙයක් මේකෙදි.. මොකද මැරතන් එකක් නෙවෙයිනේ. අපේ ටැලන්ට් එකටනේ ⁣පොයින්ට්ස් ලැබෙන්නේ.. 2nd place එකෙත් ගොඩක් අය හිටියා.. ඊට පස්සේ ආවේ first place එක.. එතන මුලින්ම කියවුනේ පාකිස්තාන් ⁣ඩාන්සර් කෙනෙක්ගේ නමක්.. ඒත් එක්කම තව ඉන්ඩියා , ⁣ඇමරිකා , තුර්කී කියන රටවල් තුනේ නම් කියවිලා ඉවර උනාට පස්සේ අන්තිමට අපේ රටේ නමත් එක්ක මගේ නම කියවුනාම මට දෙන්න ඕනේ රිඇක්ෂන් එක මොකක්ද කියලා හිතා ගන්න බැරුව එක තැන ගල්උනා..

වෙස් ( Ongoing )Kde žijí příběhy. Začni objevovat