"ඕ ගෝඩ්... නූ...." රදීෂ් එක්වරම තමාගේ සිරුරත් පරීක්ෂා කළේ කුතුහලයෙනි. තමා සිටින්නේ ද බොක්සර් යටඇඳුම පිටින් පමණි. සිදුවී ඇත්තේ නම් හොඳක් නොවන බව නුරායා දෙස බැලූ බැල්මකට ඔහුට හොඳින් පෙනේ.

"නූ... නූ.. ඔයා හොඳින්ද? නූ..." රදීෂ් නුරායාගේ උරහිස්වලින් අල්ලා ඇයගෙන් ප්‍රතිචාරයක් ලබාගැනීමට උත්සාහ කළේ කලබලයෙනි.

නුරායා තම දෙනෙත් අපහසුවෙන් විවර කළේ සිරුරෙන් දැනෙන මරණාසන්න තරම් වූ වේදනාවත් සමඟය. එක්වරම රදීෂ්ව දුටුවෙන් ඇයගේ දෙනෙත් විසල් වූයේ භීතියෙනි.

"එපා... ප්ලීස්... මං. ගා...වට.. එන්න.. එපා...හ්" ඈ සයනයෙහි කොනකට වකුටු වූයේ තම රිදුම් දෙන යටි බඩත් අතකින් තද කරගනිමිනි.

"නූ... අපි... අතර..."  රදීෂ් යමක් අසන්නට ගියත් ඔහු තම අදහස වෙනස් කරගත්තේ සැනෙකිනි. "නූ අයි තින්ක් අයි හෑව් ඩිමෙන්ෂියා ඕ සම්තින්ග්.. අයි කාන්ට් රිමෙම්බර් එනිතින්ග්.. අම් සොරි... බට්.. වට් හැපන්ඩ්?" රදීෂ් විමසුවේ මෘදු ස්වරයෙනි. ඉතිං තමන් අතින් වරදක් වී ඇති බව පැහැදිලිය. එනිසයි ඈ මෙතරම්ම තමාට බිය වන්නේ.. නමුත් සිදුවූ සියල්ල මනස අභ්‍යන්තරයේ මතක කවුළු අතර නම් ගොනුව නොමැත. ඉතිං කෙසේද සිදුවූයේ කුමක්දැයි දැනගන්නේ ඇයගෙන් අසන්නේ නැතුව?

"රදීෂ්?" නුරායාගේ මුවින් සිහින් හඬින් මිමිණුනෙන් නුරායා රදීෂ්ගේ දෙනෙත් දෙස බැලූවේ ඒ නදීෂ් ද රදීෂ් ද යන්න වටහාගත නොහැකිවය. පෙරදින රැයෙහි සිදුවූ ඒ අපරාධය නිසාවෙන් ඇයගේ සිහියද පැවතියේ හොඳ තත්ත්වයේ නොවේ.

"කියන්න මැණික... මොනාද මේ වෙන්නේ?" රදීෂ් මිමිණුවත් ඇයගේ පෙනුමින් නම් තමන්ට යහපත් පිළිතුරක් ලැබෙතැයි ඔහු සිතුවේ නැත.

"ප්ලීස් මගෙන් ඈත්වෙලා ඉන්න... වඳින්නම්..." තරමක් සැර පරුෂ හඬකින් එලෙස පැවසූ නුරායා පොරෝනයෙන් තම සිරුර තව තවත් වසාගත්තේ ඔහුගේ බැල්මක් හෝ තමාට ලැබෙනවාට වූ අකැමැත්ත නිසාමය. තවත් මොහොතක් නිහඬතාවයකින් ගත කළ නුරායා සැරසුනේ සයනයෙන් නැගිටින්නට වුවත්, ඒ දෙපා වාරු නැත. යටිබඩින් මෙන්ම දෙපා මුලින් දැනෙන වේදනාව මෙතෙක්‍ යැයි විස්තර කළ නොහැකිය. ඒ වේදනාව දැනෙන්න දැනෙන්න ඇයට සෑම මොහොතකම සිහිවූයේ පෙර දින මතකයන් ය. ඉතිං කෙසේද දරාගන්නේ ඒ අඳුරු රැයෙහි මතකයන්?

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Unde poveștirile trăiesc. Descoperă acum