5 කොටස

34 3 0
                                    

" උඹ දන්නවද බන් හෙට සහස් අයියගෙ බර්ත්ඩේ එක "

ගල් බැම්මක් උඩට වෙලා ග්‍රව්න්ඩ් එක දිහා බලන් හිටිය මගෙ ගාවින් ඉදගන්න ගමන් හිරුනි කීවෙ අමුතු සතුටකින් වගේ.. ඒත් මාව ඒ ගමන් ශොක් වෙලා ගියා.. එයාට තිබුනෙ නැද්ද මීට කලින් මට ඒක කියන්න..

" හෙට පොඩි පාටි එකක් කියලා ඔයාටත් කියන්න කියලා ඇන්ටි කීවා.. "

ඇන්ටිද කීවෙ ? මම මුකුත් නොකියා ග්‍රව්න්ඩ් එකේ සෙල්ලම් කරන අට වසරෙ වගෙ පොඩි ලමයි ටිකක් දිහා බලන් හිටියෙ ලොකු හුස්මක් ගන්න ගමන්.. හෙට නිවාඩු දවසක් නිසා එයාට ගිෆ්ට් එකක් ගන්න යන්න මට පුලුවන්.. ඒත් මම මොනවද එයාට දෙන්නේ.. අනිත් එක තමා එදා පොත් ටික දුන්න දවසින් පස්සෙ එයාව මම දකින්නෙ නැතුව අදට හරියටම දවස් දහයක් වෙනවා..

" අම්මා , යාලුවෙක්ගෙ බර්ත්ඩේ එකකට දෙන්න හොද තෑග්ගක් කියන්නකෝ "

ගෙදර ගියපු ගමන් පොත් බෑග් එක ඇද උඩට විසි කරලා මම ගිහින් අම්මව බදාගෙන ඇහුවා.. අම්මා මොනාද උයන ගමන් එකපාරටම හැන්ද අතේ තියාගෙන හැරිලා බැලුවෙ මාවත් භය කරලා..

" යාලුවා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන්නකො "

" ක්..කෙල්ලෙක් "

කොල්ලෙක් කියලා කීවොත් එයාට මොනාහරි හිතෙයිද කියලා මට හිතුනෙ මීට කලින් මට වැඩිය පිරිමි යාලුවො ඉදලා නැති නිසා.. කොහොමත් මම වැඩිය සමාජශීලී කෙනෙක් නෙමේ..

" මම දන්නවා උබ මගෙ හිත රිද්දන්නෙ නෑ කියලා... මේ වයසෙදි හැගීම් දැනීම් එයි.. හැබැයි ඒවා පරද්දලා අපි දිනන්න ඕනෙ මගෙ දුවේ.. උබට වරදින්නෙ නෑ.."

මම එයා එක්ක කතාකරන්න ගද්දි තිබුන හැම හැගීමක්ම දියවෙලා ගියේ ඒ එයා කීව වචන වලින්.. මම වැඩි දුර හිතන්නෙ නැතුව කරන්න ගිහින් තියෙන්නෙ ලොකු වරදක් කියලා මට හිතෙන්න ගත්තා.. එතනින් එහාට මම ඒ ගැන අම්මා එක්ක කතා කරන්න ගියේ නෑ.. මොනවා උනත් මට කරලා තියෙන උදව් වලට සහස් අයියට මොකක් හරි ගිෆ්ට් එකක් දෙන්න ඕනෙ කියලා මට හිතුනේ..

පැයක් විතර කල්පනා කරලා කරලා මම කොලයක් අරන් එයාව අදින්න ගත්තා.. බාගෙට මැකිලා යන ගමන් තිබුන මතකයක් අස්සෙ මම එයාගෙ රූපෙ හෙව්වා.. දවස් දහයකට කලින් දැක්ක මනුස්සයෙක්ව කොහොමද හරියටම මතක තියාගෙන ඉන්නේ.. මෙහෙම වෙනවා කියලා දන්නවනම් මම එයාගෙ ෆොටෝ එකක්වත් ගහගන්නවා එයාට හොරෙන්.. කොහොම හරි චිත්‍රෙ ඇදලා ඔක්කොම ඉවර වෙන්න පැය තුනක් විතර යන්න ඇති...

ආයෙමත් ආදරෙන්Where stories live. Discover now