1 කොටස

67 4 0
                                    


මම වෑන් එකෙන් බැස්ස ගමන්ම කලේ ලොකු හුස්මක් අරගෙන මගෙ ඉස්සරහින් ලොකුවට Welcome කියලා ගහලා තිබුන බෝඩ් එක දිහා බලපු එක විතරයි... අවෘදු 13 ක පාසල් ජීවිතේ ලස්සන ඵල නෙලාගන්න දවස අද... පේරාදෙණිය විශ්වවිද්‍යාලය මම එදා ඉදන්ම ගොඩක් ආසාවෙන් හිටිපු දවසක් අද... මම ඇඩෙන්න එනබව දැනුන නිසා මම මගෙ ඇස් පිහාටු එක දිහට ගැහුවා..

" දැන් ඉතිම් ඕකටනේ ඔච්චර හීන දැක්කේ... "

" තැන්ක්‍යූ අම්මේ, "

මම එහෙම්මම මගෙ අම්මව බදාගෙන අඩන්න ගත්තා.. එයා නිසයි අද මම මේ වගේ තැනක ඉන්නේ.. මට අවෘදු තුනේ ඉදන් මගෙ අම්මා මාව හරි ලස්සනට බලාගත්තා... තාත්තා නැතුව උනත් එයා එයාගෙ හිතේ හයියෙන් මාව උස්මහත් කලා..

"මොනාද බන් ඔච්චර කල්පනා කරන්නෙ ??"

වෙන කල්පනාවක හිටිය මාව පියවි සිහියට ආවෙ නිමා කතාකල නිසා.. ප්‍රොෆෙසර් උගන්නන දේවල් එහෙම්මම නෝට් බුක් එකේ ලියාගත්තට සමහර තැන් හිස්ව තිබුනේ මනෝපාරක් ගහන්න ගිය නිසා..

" උබ කවද්ද බන් ඔය කොල්ලා ගැන හිතන එක නවත්තන්නෙ ? බලනවකෝ අර අභී , ඌ උබට ඔච්චරටම කැමති වෙලත් ඇය් උබට බැරි එයාට වචනයක් දෙන්න.. "

" හිතේ එක්කෙනෙක් තියාගෙන තව කෙනෙක්ගෙ හිතකට බලාපොරොත්තු දෙන්න මට බෑ නිමා.. ඒක මහ පව්කාර වැඩක් "

මම මගෙ බෑග් එකත් අරගෙන කැන්ටින් එකෙන් එන්න ආවා.. ගොඩක් හවස් වෙලා තිබුනෙ නැති නිසා හොස්ටල් එකට යනවා කියලා හිතුනත් යන්න කලින් මට ආයෙ හිතුනේ එක පාරක් ඒ මූන බලන්න තිබුනනම් කියලා...

" ආ හොටු කෙල්ල, මොකද මේ ග්‍රව්න්ඩ් එක පැත්තෙ ?"

මම රොබරෝසියා ගහක් යට ඉදගන්න යද්දි මගෙ ගාවින් ඇවිත් ඉදගත්තෙ අභීගෙ යාලුවො දෙන්නා.. නිම්නයි, මයුරයි මම මුකුත් නොකියම මගෙ වතුර බෝතලෙන් වතුර උගුරු දෙක තුනක් එක හුස්මට බීවා.. උදේ උදන් ලෙක්චර්ස් ඉදලා මහන්සිය්..

" අභී හෙන හැන්ඩියා නේ ?"

ඈතින් ෆුට්බෝල් සෙල්ලම් කරන ගමන් හිටිය අභීව පෙන්නලා නිම්න කීවත් මගෙ ඇස් ගොඩක් වෙලා ඉදන් තිබුනේ එක රූපයක් ගාව විතරයි.. සෙල්ලම් කරලා කරලා ඇගටම ඇලුන ඇදුම එක්ක එයා ග්‍රව්න්ඩ් එක වට පිට බලන්නෙ කාව හෝ හොයන්න වගේ... ඒ ඇස් එක තත්පර කීපයක් මගෙ දෑස් එක්ක පැටලිලා තියෙන්න ඇති.. කලබල උන ඒ දෑස් මගෙ දෑස්වලින් මුදවගන්න ගමන් ආයෙත් එයාගෙ සෙල්ලමට වැටුනා..

ආයෙමත් ආදරෙන්Where stories live. Discover now