සෙනසුරාදා දවසක මම බස් හෝල්ට් එකට වෙලා හිටගෙන ඉන්නැද්දිම මගෙ දෙපතුල ලග නතර වුනේ කලුපාට බෙන්ස් එකක්.. මම ටිකක් ගැස්සිලා ගියත් ඇරුන ග්ලාස් එකෙන් පෙනුන රූපෙත් එක්ක මම භය වෙලා වගේ බලන් හිටියා.." උමා කොහෙද යන්නෙ ?"
" ට්..ටව්න් එකට "
මම ගොත ගැහි ගැහී වචන පටලවගත්තත් එයාගෙ මූනටනම් ආවෙ අමුතු හිනාවක්.. ඇවිලෙන හිතක් උනත් එක පාරින්ම නිවලා දාන්න පුලුවන් ලස්සන හිනාවක් ඒක.. එයා වගේ පුතෙක් ලබන්න ඒ අම්මා කොයි තරම් වාසනාවන්ත වෙන්න ඕනෙද කියලා වෙලාවකට හිතුනා.. අම්මා විතරද වාසනාවන්ත ? එයාව ලබන නෝනා ?
" නගින්න , මමත් යන්නෙ ටව්න් එකට තමා "
" මම බස් එකේ එන්නම් , අයියා යන්න.."
" ඇයි පුංචි නෝනා මාත් එක්ක යන්න භයයිද ? "
අනේ මම මොකටද එයා වගේ පිරිමි ළමයෙක් එක්ක යන්න භය වෙන්නෙ.. හරිනම් එයයි භය වෙන්න ඕනෙ මාත් එක්ක යන්න.. එයාගෙ පෙරැත්ත කිරීම නිසාම මම කාර් එකේ පිටිපස්සට නගින්න ගියත් " ඔතන ගියොත් මිනිස්සු හිතයි මම ඔයාගෙ ඩ්‍රයිවර් කියලා " එයා කීවත් එක්කම මම පැසෙන්ජර් සීට් එකෙන් ඉදගත්තා..
" උමාට අද ක්ලාස්ද ?"
" නෑ අයියේ, පොත් වගයක් ගන්න තියෙනවා.. "
" බුක්ශොප් එකටද යන්නෙ ?"
" නෑ.. "
මම වීදුරුවෙන් එලිය බලාගෙන හුස්මක් ගත්තා.. මට එහෙම පොත් ගන්න තරම් වත්කමක් තිබුනෙ නෑ.. 'කොහොමහරි ඉගෙනගන්න දුවේ, මම ඔයාගෙ වියදම් පුලුවන් විදියට කරන්නම් ' කියලා අම්මා කීවට මම දන්නවා එයාට ඒ හැම වියදමක්ම දරන්න බෑ කියලා..
" එහෙනම් ?"
" පුස්තකාලෙට... "
එයා එතනින් එහාට මුකුත් කතා කලේ නෑ.. සැරෙන් සැරේ එයාගෙයි මගෙයි හුස්ම ගන්න සද්දෙ ඇරෙන්න කාර් එක ඇතුලෙ වෙන කිසිම සද්දයක් ඇහුනෙ නෑ.. එයා එකපාරටම වගේ කාර් එක අතුරුපාරකින් හරවද්දි මම භය වෙලා වගේ බැලුවා.. එයා ආයෙත් නිවුන හිනාවක් මට දැම්මෙ සමහර විට මම භය වුනේ එයා ගැන වැරදියට හිතලා කියලා හිතුවද දන්නෑ.. කාර් එක නතර වුනේ ලොකු බුක්ශොප් එකක් ගාව..
YOU ARE READING
ආයෙමත් ආදරෙන්
Romanceමම එකම එක ප්රාර්ථනාවක් කරන්නම්, ලැබෙන්න වාසනාවක් නැතිනම්.. කවදාවත් අපිට අපිව හමුවෙන්න එපා..