තිස් දෙවන මන්දාරම 🍁

Start from the beginning
                                    

ඉස්සරහ දොරත් ලොක් නොකර තියෙද්දි එයා දොර ඇරලා මුලින්ම මට ඇතුලට යන්න දුන්නෙ දොර ලගින් එහාට වෙලා .. මේ මං මෙහෙට එන දෙවෙනි වතාව .. මෙහෙ ආපු මුල්ම දවසෙ තමයි මීණු මට අම්මා කියලා කතා කරේ .. මං මීණුව තුරුළු කරගෙන හැමෝම ඉස්සරහ ඇඩුවෙත් මේ සාලෙ ඉදන් .. ඇයි තව හිරුෂයා අපේ එක්කෙනාව කලු කුමාරයෙක් කරෙත් එදානෙ .. අම්මෝ ඒකනම් මතක් වෙද්දිත් හිනා යනවා ..

" අම්මා ..!"

මං ඇතුලට ඇවිත් ගේ දිහා බලාගෙන මනෝපාරක් ගහද්දි මට පස්සෙ ඇතුලට ආපු එයා දොරත් වහල දාලා මගෙ කන ලගම කෑ ගහද්දි තමයි මං හොද සිහියට ආවෙ .. යකෝ කටේ සද්ධෙ ..! මාවත් ගැස්සුනා .. මගෙ උරහිස උඩ ඔලුව තියාගෙන නින්දත් නොනින්දත් අතර හිටිය මීණුත් ඔලුව ඉස්සුවා ..

මං එයා දිහා හැරිලා බැලුවා .. බැලුව වගේම ඊලඟ තත්පරේම අනික් පැත්තට ආයෙම හැරුනා .. මේ මනුස්සයා උඩට දාලා තිබුන කලු පාට බ්ලෙසර් එකත් ගලවලා ඇදගෙන ඉන්න කලු පාට අත් දිග ෂර්ට් එක වැලමිට ලගට එනකන් නවාගෙන බොත්තම් දෙක තුනකුත් ගලවගෙන ..

" ලොකූ ..!"

අම්මගෙ කටේ සද්දෙත් පුතණ්ඩියට දෙවෙනි නෑ ..

" මෙච්චර ඉක්මනට ආවද .."

කුස්සියෙ හිටිය අම්මා පොඩි ටවල් එකකින් අත් දෙකේ තෙත පිහින ගමන් ඉස්සරහට ආවෙ එහෙම අහගෙන ..

" ම්ම් .. කෝ අම්මා සීයා අප්පච්චි .."

" සීයා අප්පච්චියි මල්ලියි කෑම කනවා .. පොඩි දරුවා නින්දෙද චූටි පුතේ .."

" ඔව් අම්මා .."

අම්මා මං ලගට ඇවිත් මීණු දිහා බලලා අහද්දි මං ඔව් කිව්වා ..

" එහෙනම් දරුවව මට දීලා දෙන්නත් එක්ක ගිහින් වොෂ් එකක් දාගෙන ඉන්න .. මහන්සිත් ඇතිනෙ .. පොඩි දරුවව අද මාත් එක්ක තියාගන්නම් .."

" අනේ මට බෑ..!"

අම්මා එහෙම කියලා මගෙ උරහිස උඩ ඔලුව තියාගෙන හිටිය මීණුව එයාගෙ අතට ගන්න උත්සාහ කරද්දි එකපාරට මගෙ කන කීන් ගෑවෙ පුංචි යක් පැටියගෙ කටේ සද්දෙට .. අනේ යකෝව් මෙච්චර වෙලා මේ කොල්ල නිදාගෙන ඉන්නව කියල මං හිතුවට ඇත්තටම මේකා ඉදල තියෙන්නෙ නිදාගෙන නෙවෙයි ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now