Chapter 15

152 18 2
                                    

නෑ නෑ වැඩි වේලාවක් ගියේ නැහැ පින්වත්නි.....කතාව එළියට ගියපු වග අපෙ හිච්චි බොයිපෙන්ටත් ගිහින් මූ බැනපි මට පැයක් විතර. යොෂින්ටත් කට තියං ඉන්න බැහැනේ.සාන්ත ඔය කට නේද මම කර ගහගන්න ඉන්නෙ.මේ රෙද්දේ පොත් ගොඩේ බර... පුහ්....ඒ ටික අස් කරලා ගෝනියකට දැම්මේ බෝතල් පත්තරකාරයා ට දෙන්න.තියාගෙන මොනවා කරන්නද.ඔක්කොම අකුලන් මම යනවා ලබන සතියෙ මුඩුක්කුවක ට.මෙහෙමයි ඉතින් හොඳ හොඳ තැන් හොයන්න ගියොත් කන්න අදින්න මුකුත් කරන්න වෙන්නේ නෑ. ඒකයි.

කළු කළුසමකයි,හයි නෙක් ටොප් එකකුයි ඇදලා, ඩෙනිම් ජැකට් එකකුත් උඩින් දාලා,ගිටාර් එකත් හරහට දාගෙන,අන්තිම වතාවට කණ්ණාඩියෙන් බලලා මම මාස්ක් එක දාගත්තා.සාන්ත මන් මාෆියාකරයෙක් වගේ.කමක් නෑ. කෑලි කෑලි ඇදුම් ඇදන් ගිහින් මොන අකරතැබ්බ වෙයිද කවුද දන්නේ.ඉන්පසුව ඉතිම් බඩු ටිකත් පටවගෙන,ටැක්සි එකක ගිහින් බැස්සා Prime star hotel එක ළග.hotelඑකේ club එකට.නිකන් ඉන්න බැහැනේ මොනවහරි කරන්න එපැයි.සෙනුදී මට කිවුවෙ තැන ගැන.මෙහෙමයි පෆෝම් කරන්න පුළුවන් එහෙම ලොකු ප්‍රසිද්ධියක් නැති අයට උනත්,හැබැයි බලලා ගන්නේ කියලා.එයාගේ අයියා ලු නේ මේකේ sounds බලන්නේ.මන් ඇවිල්ල social media වල accounts පෙන්නලා පොඩ්ඩක් කයියක් දාලා ඇහුවම අද හයට එන්න කිව්වා.මන් ඇතුලට ගියාට පස්සේ යන්න ඕන තැන, වැඩේ වෙන්නේ කොහොමද කියන්න තව අක්කා කෙනෙක් එක්ක එයා මාව ඇතුලට යැවුවා.අපරාදේ කියන්න බැහැ හැබැයි මේ ගෑනි කතා කරනවට වඩා කළේ ඇඹරෙන එක.තව පැය බාගයක් තියෙන එකේ සෙනුදිගේ අයියා එක්ක කයියක් දාගෙන ඉන්න බලද්දී අර ගෑනි අහපි ඔය දෙන්නා යාලුද කියලා.

"අහ්ම් පිස්සුද අපි අදනේ හම්බ උනේ ත්.....නංගි ඔයා දැන් ඉස්සරට ගියොත් හොදයි මොකද කට්ටිය වැඩිවෙයි දැන්"

"ඕහ්....okay.....අහ් මන් කියන්නමයි හිටියෙ ඔයාගේ අන්තිම fb story එකේ ඔයා හරි sexy අනේ.මට ඇත්තට - "

"Thanks... අශිනි ගිටාර් එක plug කරන්නකො මේ කේබල් එකට දැන් අපි මේක හදාගත්තා නම් හරි.btw මගේ නම හේෂාන් ඔයාට ඕනනම් නමින් කතා කරන්න."

Disgusted shit වගේ look එකක් දීලා ඒ කෙල්ලව ගණන් ගන්නේ නැතුව එයා මට කතා කළේ මාත් අරය මෙතන හිටියෙ නැති ගානට අනික් පැත්ත බලාගද්දි.ඒ කෙම්ල එන පොට හොඳ නෑ වගේ.... දැකලා පුරුදුද මන්දා මට දැක්ක වෙකේ ඉඳන් අප්පිරියයි.

රිද්මය(GL)Where stories live. Discover now