Chapter 06

189 28 11
                                    

"මොන විකාරයක්ද මේ මට බැහැ මේක ඇදගෙන යන්න."

"කතා කරන්න ඉගෙන ගන්නවා ඉස්සෙල්ලා අම්මා අප්පට.එක පාරක් කිවුවනෙ.තමුසේ කලිසමයි ශර්ට් එක යි ද ගහගෙන එන්න හිතන් ඉන්නේ"

"ඔව්!! ඇයි ඒක නරක එකක් ද?මේ උඩිනුත් නැති පල්ලෙනුත් නැති මඟුලට වඩා දාහෙන් සම්පතයි"

"ඉන්නේ දුවෙක් කියලා පේන්න වත් මේක අදිනවා.හොඳ ඉස්කෝලෙක යන ළමයෙක් ඉන්නවා කියලා හැමතැනම කිව්වට පස්සේ නම්බුව කන්න තියන්න එපා කියලා අප්පා පැහැදිලිවම කිව්වා."

"ඉතින් මොකටද කියන්න ගියේ.ඔය අස්සේ දාගෙන නටන එකියෙක්ගේ දුවෙක්ව එක්ක යන්න කියන්න එහෙනන්.මන් එනවා නම් එන්නේ කලිසමක් ඇදලා,නැත්තං මන් නැහැ.මට බෑ මන් අදින්නේ මට ඕන එක"

"අශිනී!!!!ඔහොම ඉන්නවා"

මන් අම්මගේ සද්දෙ ගණන් ගන්නේ නැතුවම බෑග් එකත් අරන් එළියට බැස්සා. තාත්තගේ යාළුවෙක්ගෙ ගෙදර dinner එකකට එන්න කියලා ඒකට අදින්න ගවුමක් උස්සන් ඇවිත්. ඒකේ අත් නැහැ දනහිසට වඩා අගල් දෙකක් විතර කොටයි.ලොකු අවුලක් නැහැ ඒත් මං කැමැති නැහැ එහෙම අදින්න.පුදුමයි ඔය මනුස්සයා කියලා මන් ගැන.sure එකටම එයාගේ ගණන් උස්සන්න කියන්න ඇති මෙහෙමයි දුව මේ ඉස්කෝලෙ කියලා.මන් හිතුනොත් හවස ගෙදර යන්නෙත් නැතුව කොහෙට හරි වෙලා ඉන්නවා.රෙද්ද.මන් පුපුර පුපුර අඩියක් තියන්න ඉඩක් නැති බස් ඒකේ යන්තම් එල්ලිලා ඉස්කෝලෙට ඇවිල්ල ගියා mainhall එක ලඟට....අද meeting එකකට උදේ එන්න කියලා දාලා තිබ්බනේ.මන් බෑග් එකත් බිමින් තියලා ගිහින් අපේ වයසේ උන් ලගින් පුටුවක් තියාගෙන වාඩි උනා.මේක පටන් අරන්...

"ඒ  මේ..13.. ආර්ට් සෙක්ෂන් එකේ වැඩ බලන්න කවුරුත් නැහැ නේ...."

යුනෙස්කෝ එකේ meeting එකේදි මාව පෙනි පෙනී අපේ බලය ලත් නිලධාරී කණ්ඩායම බැරෑරුම් විදියට කතා කරද්දි මට හිතුණේම එතනින් නැගිටලා මුන්ගෙ ඔළු ටික පළල මාත් suspend වෙන්න.

"ඒක තමා බන්.... දාන්න පුලුවන් මට්ටමේ කෙනෙක් ඉන්නත් එපැයි වැඩේට...නැත්තං අනික් ළමයින්ටත් ප්‍රශ්න නෙ"

"ඒකනේ බං.මේ අපි මිස් එක්ක කතා කරලා අලුත් කෙනෙක් ඒ සෙක්ෂන් එකට දාමුද."

රිද්මය(GL)Tempat cerita menjadi hidup. Temukan sekarang