Chapter 10

250 25 10
                                    

"ආව්...අම්මාහ්......ආර්හ්හ්....."

විසිවෙලා ආපු වීදුරු කෑල්ලක් වම් ඇහැ ඇතුලට ඇනෙනවත් එක්කම ඊතල කෑල්ලක් වගේ වීදුරු කුට්ටියක් මගේ පපුවට කිඳාබැස්සා..

ඇහැ ගලවන් වැටිලා වගේ දරාගන්න බැරි වේදනාවයි එන්න එන්න පපුවට තදවෙන විදුරු කෑල්ලෙන් දැනෙන ගිනි ගන්නවට වඩා දරුනු වේදනාවෙන් මිරිකුන මම ඇහැත් අල්ලන් පොළවේ දිගා වෙවී දගලන්න ගත්තා..

මගෙ පපුව දැනෙන්නෑ වගේ..ටැප් එකක් ඇරුනා හා සමානව ඇහෙන් ලේ ගලාගෙන යද්දි මගෙ හුස්ම වැටෙන වෙගෙත් අඩුවෙනවා දැනුනා..ලේවලින් වැහුන ඇහැ උඩ තිබුන වීදුරු කෑල්ල මිරිකන් ගැහෙන අනිත් ඇහැ හිමින් සීරුවෙ ඇරලා වටපිටාව බලද්දි හැමදෙයක්ම පෙනුනෙ බොදට..මගෙ ලේ නිල්පාටයි..හැමතැනම ඒවා..ලේ..ලේ හැමතැනම...

තද නිල් පාට ලේ වගුරක් උඩ වැතිරිලා උන්නු මන් යාන්තන් දැනුන කකුලට වෙර දිලා කෙලින් වෙන්න හැදුවත් ලිස්ස ලිස්ස මාව වැටුන මිසක් නැගිටගන්න පුලුවන් කමක් ලැබුන්නෑ...

ඌ හිනාවෙනවා..ගිනිපෝරනුවක ගිනිගන්නවා හා සමානව වෙදනාවකින් මිරිකිලා උන්නු මන් දිහා බලාගෙන ඌ හිනාවෙනවා..
හිනා වෙවි ඌ මගේ පපුවෙ ඇනුන වීදුරු කෑල්ල මොකද්දො බලවේගෙකින් තව තව ඇතුලට තල්ලු කරනවා..

"ආආආආආආඅර්හ්......න්ම්න්..ආහ්...අම්..මාහ්.....ආඅආහ්.......කැහ්..කැහ්..."

එන්න එන්නම වේදනාව වැඩිවෙද්දි අඩන්නවත් කතා කරගන්නත් බැරුව අන්ත අසරනව බිම දිගේ බඩගාගෙන මන් දොර පැත්තට යන්න උත්සාහා කරා..කට දෙපැත්තෙන් සෙවල බේරෙනවා..ඇහේ ලේ ගද ගලන් ඇවිත් නාස් පුඩු අස්සෙන් මොලේ හරහාට මනසට ගලන් යනවා..මලකට රහයි..තොලෙ තැනින් තැන වීදුරු කෑලි..

ඇහැ අතාරින්න බයයි ගැලවිලා වැටෙයිද කියලා..බඩගාන් යන්න හැදුවත් සෙන්ටිමිටරයක්වත් ඉස්සරහට යාගන්න පුලුවන් වුනෙ නෑ..පන නැති කකුල් දෙක්ක එක්ක මන් කොහෙ කියලා යන්නද...

වෙලුම් අතට කොහෙන් ආපු හයියක්ද මන්දා..එක අතක් මගේ ඇහැමානෙ රැදෙද්දි කෙලින් වෙලා බිත්තියට හේත්තුවෙන්න මගෙ කැඩුනු අත බිමට තද කරලා මන් ගැහි ගැහි ඉස්සුනා...

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now