Chapter 9

243 26 20
                                    

" මනෝපුබ්බංගමා ධම්මා
මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමංවේති
චක්කං' ව වහතෝ පදං "

(ධම්ම පදය- යමක වර්ගය)

ජීවිතයේ හැම දේකටම සිතයි මුල් වෙන්නෙ.සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.සිතින්මයි හටගන්නෙ.යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි , යමක් කෙරුවොත් හරි , ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහු බඳිනවා . කරත්තේ බැදලා ඉන්න ගොනාගෙ පස්සෙන් එන රෝදෙ වගෙයි.

" මං කියපු දේ තේරුනාද ඔය කොලුවට.."

" එහෙමයි වෙද සීයේ.."

මල් කඩාගෙන මං වෙද සීයාත් එක්ක හයවෙද්දි පහන තියන්න ආවා..පැය භාගෙකට වඩා ආසන්න වෙලාවක් ගාථා කියපු එයා අවසානෙ ධම්ම පදය පොත අරන් ඇවිත් පොතට වන්දනා කරලා මගේ ඉස්සරහා කියවන්න ගත්තා..

" ඔය ලමයාගෙ සිත හරි කලබලයි..සිත පාලනය , නිවැරදි සිහිය හෙවත් සතිය...මේ දෙක ඔය දරුවා හදාගන්ඩ ඕනි..මං තමුන්ට දුන්න භාවනා පොත කියෙව්වෙ නෑ..එහෙමනේ..ඒක මං දුන්නෙ ඔය ලමයාගෙ කම්මැලිකමට කියවන්න නොවෙ..ම්ම් කාරි නෑ..භාවනාවට හිත යොමු කරන්න අමාරුනම් අපි වෙන විදියක් බලපු.."

මට නම් එයා කියපු මෙලෝ හත්ති හුත්තක් තේරුන්නෑ..සිත..හීලෑ නෑ කියන්නෙ..

සිත සිත..
මා සිත ඔබ කෙරේ..මා සිත ඔබ කෙරේ..
නෙත ළඟ දඟ කරනා..
ඕහ් යේ..බල බලේහ්...

" කොල්ලෝ.."

"ඔහ්..ආහ් කියන්න වෙදසීයේ.."

" මුකුත් නෑ.දැන් ඔය ළමයා යන්න..කිරියෝ..මේ කොලූව අරන් ගියානන්.."

ඔව් ඔව් ඒක තමා කිරියෝ හනිකට මාව එක්කරන් පලෝ..මෙතන උන්නොත් මට පිස්සු හැදෙනවා..

වෙදසීයාගෙ බණ අහගෙන ඉන්න බැරුව මං නලියද්දි ඒක තේරුන එයා මාව කාමරේට එක්කරන් යන්න හේලාස්සයට එන්න කිව්වා..

හම්මේ බලන්නෙපැයි කිරියා කියනකොට ඒ මූනේ බේරෙන ගිනි කන්දරාව..එව්ව් උක්කුවා..හොද වැඩේ ඕකාට..ඉදපන්කෝ මං ගෙදර ගියාම ඔය නම මුලු ගමේම වසංගතයක් වගේ පතුරවනවා..

උබේ රසික සංසදේ ඉන්න කෙල්ලො ටික නමදරාගන්ඩ මැරෙයි අඩෝ..හොදෑඩේ..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Donde viven las historias. Descúbrelo ahora