Chapter 6

232 37 13
                                    


ජීවිතය අම්මටසිරි වෙන අත්දැකීමක් ලබාගන්න පුලුවන් අවස්තාවක් තමා මෙදාපොටෙ මට උදාකරලා දුන්නේ..නෑ මන් සැලෙන්නෑ..අත් දෙකයි කකුලයි ලෙප්ට් උනත් මන් සතුටින්..එ මොකද මගේ එක කකුලක් බේරුනා..ස්තූතී කකුල..මගේ මානසික මට්ටමට රුකුලක් වුනාට..

ඒවුනාට එහෙමයි කියලා..මේ දුක දරාගන්නත් බෑ සාන්ත..ඇත්තටම මනුස්සයෙක්ගෙ අතක් පයක් කැඩෙනවා කියන්නෙ ජීවිතයම අඩාල වුනා වගේ වැඩක්..ඇත්තටම ආබාධිත මිනිස්සු කොච්චර අසරනද..ඒත් ජීවිතේ අත්නොහැර මේ ගමන යන එයාලට රෙස්පෙක්ට්...

අපි හිත කොච්චර හදාගන්න හැදුවත් තප්පරයක් ඇති අපි ආපහු වැටෙන්න..මේ ටිකේ මට දැනෙන්නෙ මන් ඉන්නෙ අපායෙ කියලා..හේලාස් තමා යමපල්ලා..

කෑමක් කන්න..ඇදුමක් අදින්න..ටොයිලට් යන්න කරන්න බෑ තමා..ඒවාට ඉතිම් බොක්කෙන්ම සප දුන්නේ මගෙ සංගුලියා..ආදරෙයි මැට්ටෝ..තාත්තාත් මන් නිසා ගෙදර ඉදන්ම ජොබ් එක කරන්න ගත්තා..

හැමදේම ආතල් එකට දකින මිනිස්සුන් පවා කොරවෙන අවස්ථා එනවා..එ වුනාට ඉතිම් ඒ අවස්ථා වලට බම්බු ගහගනිම් කියලා ආතල් එකෙ ඉන්න මන් වගේ උනුත් ඉන්නවා..

නිදාගද්දි එකම අතට නිදාගන්න වෙන නිසා හරිහමන් නින්දක් නෑ..ගල් බැන්ඩේජ් එක දාන් ඉන්නවා කියන්නෙම විසාල වේදනාවක්..ඇයි දෙයියනේ ඕක අස්සෙ අත දාලා කසන්නවත් පුලුවන් ද..හෝදන්නැතුව කුනු තැම්බි තැම්බී ඒක ඇතුලේ..පනුවො ගහයිද කියලත් මට සැකයි..අතනම් කොටන් බඩ්ස් එකක් දාලා හරි යාන්තමට කසාගන්නවා..ඒත් කකුල..ඔය පිට්ටු බම්බුව නිසා තමා සංසාරෙම එපා වෙන්නේ..

සමහරක් දාට නිදාගන්නෙ අමු හෙලුවෙන්..ඉස්සර නම් අර්ධ හෙලුවනේ..යක්කු කේස් නැති නිසා දැන් පුල් බොඩි සිවිල්..ඇදුම් ඇදන් ඉද්දි ඇගට තවත් අමාරුයි..සැරින් සැරෙ ගලවන්නයි දාගන්නයි මොන පෑන් කේක් එකක්ද..එපා වෙනවා..

හෙන ගැහුවත් අමාරුවෙලාවට අඩලා මන් ආයෙම හිනාවෙනවා..මට සෙට් වෙන්නෑ ඔය දුක්මූනූ..වේදනාව හිතේ තීනවා..එත් ඒක පෙන්නම් ඉන්න මට ඕනි නෑ..කමන්නැ ඉතිම් මෙවගේ අත්දැකීමුත් ජීවිතේට ඕනී..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now