Chapter 8

293 36 16
                                    

උදෙන්ම කැඳ බොන්න දීලා ඒ ගමන වෙද සීයා මාව නාවන්න හදනවා..හයියො සතියකට සැරයක් නාපු මට වෙච්චි දෙයක්..තාම දහයටවත් නැතුව ඇති..

හචුස්...

කැරි සීතලක්නේ බොලව්..හොටුත් බේරෙනවා..හිරු ගෝඩ් වෙයාර් ආ යූ..මෙහෙට කිරණ දීපල්ලකෝ..ඇග වේලුම් කන එපා කරපු හුලගක් මේක..

වෙද සියා මොනාද මන්දා තෙල් වගයක් මගේ ඇගෙ ගෑවා..ඈක්කා යකො මොනාද මේ..සර්පයෙක් ඇගේ එතුනා වගේ බොලව්..බ්වෑක්කා..තෙල් ගාන්නෙ ඔලුවෙනෙ..සීයා මගෙ මුලු සර්වාංගෙම තෙල් ගාලා හොද මසාජ් එකක් දුන්නා..

ආආආආආආආඅ...සනීපේ...ආ හරි සීයේ තව ටිකක් වමට..උඩට උඩට..හරි ආ ඔතන ඔතන..හයියෙන්...අම්මොහ්..සැප ලෝකේ බ්‍රෝ..තෙල් ගෑවට මොකෝ මසාජ් එක නම් පට්ට..ආයුර්වේද සම්භාහන කියන්නෙ මෙව්වටද..

ඒගමන පොර මගෙ ඇගෙ හඳුන් උලනවා..සුදු හඳුන් නේද..ම්ම්ම් ඒකටනම් මන් මනාපයි බොල..හඳුන් වලට හම පැහැපත් වෙනෝලු..මන් තව ලස්සන වුනාම කාටද ඉතිම් ආඩම්බර..ආ සක්‍ර පැටව්නෙ..මටම තමා..

හේලාස්සයාගෙ සප් එකෙන් සීයා මාව වත්ත අයිනේ තිබුන ළිඳ ගාවට උස්සම් ආවා..ළිද ගාවම සිමෙන්ති වලින් හදපු බාත් ටබ් එකක් වගේ එකකුත් තියෙනවා..එක වතුරෙන් පුරවලා තිබුනේ..දුං දානවා..එකියන්නෙ උණුවතුර..ඒකට වෙනිවැල් ගැට කෑලි කපලා දාලා තිබුනා..තව වද මලුත් එහෙම් මෙහෙන් තිබ්බා..කොකුම් පොතු , අරලු තව මන් නොදන්න බෙහෙත් වර්ගත් ඒකෙ තිබුනා..වෙද සීයා සුප් එකක් ගහන්න යනවද මන්දා..

"කිරියෝ..මේ ළමයාව මේ තටාකෙට දැම්මානම්.."

අප්පද බොල..අපේ පට්ටි හරකට නේද සීයා කිරියා කිව්වේ..අමොර් අමොර් කින්ග් චන්ඩාලයගේ මූණ බලන් ඉද්දි තාර වුණා.

සීයා මාව මේ හැලියට බස්සන්නෙ මිනි මස් සුප් එකක් හදන්නද දන්නෑ..අඩෝ රුද්දස්සේ..මාව බේරගනිම්කෝ..මුන් මාව තම්බන්න හදනෝ..

"ඔය ලමයා බය වෙන්නෙපා..ඕක එච්චර රස්නේ නැහැ..බැස්සම තේරෙයි කොච්චර සනීපද කියලා.."

අනේ වෙද සියේ..ඔයානම් කියයි..මේක අස්සෙ ගැරඩි පොලොන්ගු ඉන්නවද කවුද දන්නෙ..ගුණයි කියලා ගෙම්බි හැව දැම්මද දන්නෙත් නෑ..අනෙ මට මේ ආයුර්වේද ස්නාන ක්‍රමේ එපා ලොකු සක්‍රයෝ..මාව බේරගනිම්කෝ...

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now