ඇගිලි දෙකත් හප්ප හප්පා මූ කියද්දී මූණේ ඇදුනු මල් මල් හිනාව අයියා දැක්ක නම් මූව උස්සලා සාක්කුවේ දාගන්නවා ෂුවර්.

"හානේ පෙම් කුමාරයා ඉතින් උබ ඔක්කෝටම කලින් ඉස්සර උනා නේද.මේ තනිකඩ හිතට දරාගන්න බැහැ දෙයියනේ මේවා.තවම ක්‍රස් එකක් වත් නැ මට බ්‍රස් එක විතරයි තියෙන්නෙ "

"නෑ නෑ අනේ නෑ.පලයං බං යන්න. උබව මේ අයන්න කියන කාලෙ ඉඳන් දන්න මට ඕවා තේරෙන්නේ නැහැ කියලා හිතුවද.උබ පව් කියලා මන් දන් නැ වගේ හිටියෙ. යොෂින් නේ නේද.මොනවා උනත් හොරෙන් ලව් කරන එකෙත් ලල් එකක් තියෙනවනේ"

හෝව් හෝව් හෝව්.සාන්ත!!මූ රිවස් කාඩ් එකක් දැම්මා නේත!කලකම් පල දෙනවා කියන්නෙ මේකට.හරිනෙ.යසයි.දැන් මට පොළොව පලාගෙන යන්න ඕන අපායට හරි කමක් නැහැ!මොන නව නින්ගිරහවක්ද මේ.මූ නම් සෙට් වෙලා හරි.මම?අඩුම clue එකක් වත් දීලා නෑනේ සාන්ත.ඒත් මූ කොහොමද දැනගත්තේ.

"උබ ඕක හංගන්න මොන ගේම් දුන්නද මන් දන්නෙ නෑ....හැබැයි උබටයි ඒකිටයි ඇරෙන්න අනික් ඔක්කෝටම ඕක තේරෙනවා මන් හිතන්නේ. උබ හිනාවෙන හැසිරෙන විදිය උනත් එයා ගාවදී හරි වෙනස්.කෝල් එකක් මැසේජ් එකක් ආවම,නැත්තං අහම්බෙන් හම්බුනාම උබ හිතන්නේ නැතුව උනත් expressions හරි ඉක්මනට වෙනස් වෙනවා.වෙලාවකට පිස්සෙක් වගේ තනියෙන් හිනවෙනවත් මන් දැකලා තියෙනවා.අනේ මන්දා පොල් ගානවද ඕයි ඔච්චර කල් ඕක කියන්නතුව"

මන් උඩ ගිහින් බිම වැටිලා ගිනි අරන් අළු වෙලා ෆ්‍රීස් වෙලත් ගිහින් හෙනම awkward විදියට ඌ දිහා බලන් හිටියා.හත්තික්කේ ලජ්ජාව බාල්දියෙන් එකයි. කටට ආපු හරුපෙ තමයි මන් ඊළඟට කිවුවෙ.

"එයා ස්ට්‍රේට් මන් හිතන්නෙ "

"ස්ට්‍රේට් බම්බුව තමයි.ස්ට්‍රේට් නෙවේ බම් ඕකට කියන්නේ ටියුබ් ලයිට් කියල.ඒකි හැමදේම normal, යාළුවො හින්දා එහෙම වෙන්නේ කියන් හිතාගෙන ඉන්නෙ.අයියා මට කීවේ, එයා කොහොමත් යමක් අමක් තේරුණාට ඔය ලව් පලහිලව් ගැන බුද්ධිය බිංදුවයි කියලා"

"හේ හේ....හරි කමක් නැ ඒක පැත්තකින් තියපංකෝ.ඉතින් කොහොමද ගේ කුරුල්ලෙක් වශයෙන් ඔබේ අත්දැකීම"

රිද්මය(GL)Where stories live. Discover now