මේ කතා කරන විදිය ඇහුවම අනිවාර්යයෙන් ජන්හියි මිස්ට සිගී හොඳට අඳුරන අය කියලා මට තේරුනා. එතකොට ජන්හි දන්නෙ නැද්ද මම පස්සෙන් යන සීනියර් තමයි මේ ඉන්නෙ කියලා.

ඔක්කොටම වඩා ජන්හි මිස්ට සිගීට රව රව මාව හොඳ මිනිහා කරද්දී මට කට කොනින් හිනා ගියා. ඒක මම මටම දාගත්ත හිනාවක්. මම ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට මාව ආශ්‍රය කරන්න එපා කියද්දි මම මටම හිනා නොවී වෙන මොනා කරන්නද ?

"හාකො හාකො. දැන් යනවා ලෙක්ච හෝල් එකට. එතකොට තමුසෙ.. එනවා මාත් එක්ක එනවා."

ඇස්වලින් එළියට එන්න හදන මුරණ්ඩු කඳුළුවලට බනින ගමන් හිටිය මාවත් ඇදන් එකපාරටම මිස්ට සිගී වේගෙන් යුනි එකේ සමර් හවුස් එක පැත්තට යද්දි මට මතක් වුනේ එයාලගෙ ගෙදර දි මම එයාව මේ විදියටම ඇදන් ගිය හැටි. එදා මගෙ හිතේ තිබුන සැහැල්ලුව අද මගෙ හිතේ නෑ කියලා මතක් වුනාම ඉබේම මගෙන් පිට වුනේ බර හුස්මක්. කවුරුත් ම නැති සමර් හවුස් එක ඇතුළට මාව දාලා මිස්ට සිගී දොර වැහුවම එයා තල්ලු කරාම නැවතුන විදියටම මම හිටියේ ඔළුව උස්සලා එයා දිහා බලන්නවත් මට හිතුනෙ නැති නිසා. ඇත්තටම මට මේක ඇති වෙලා තිබුනෙ. මගෙ මෝඩ දුර්වල හැඟීම්.. ඒවා දැන් දැන් මට වදයක් වෙන ගමන් තිබුනෙ..

"ජියෝන් ජන්කුක් ! මොකක්ද මේකෙ තේරුම ? තමුසෙ මගෙන් පලි ගන්නද අර පොඩි කෙල්ලව අල්ලගන්න හදන්නෙ ඒ ගමන අහ් ?"

මිස්ට සිගී මාව එයාගෙ පැත්තට හරවන් එහෙම කියද්දි මම කරේ කවදාවත් නැතුව එයා දිහා බලල කට කොනේ හිනාවක් දාපු එක..

"What are you talking about Mr. Kim tae~hyung"

ඊළඟට මම කරේ නැති හිනාවක් මූණට අරන් එයාගෙන් ටිකක් ඈත් වෙලා හිටගන්න ගමන් මම එයාගෙ නම බර කරල කියන ගමන් එහෙම ඇහුවා. මම දැක්කා එයාගෙ ඇස් පුදුමෙන් ලොකු වෙනවා. මං දන්නවා කවදාවත් මම එයාට එහෙම කතා කරල නෑ. එක්කො මිස්ට සිගී නැත්නම් හ්‍යුන්ගි.. මම එයාට කතාකරේ එහෙම විතරයි..

"ඔයාගෙ ඔය කියන පොඩි කෙල්ල තමයි මගෙන් ආස්ක් අවුට් කරේ. මම එයාව රිජෙක්ට් කරාම එයා කිව්වා එහෙනම් යාළුවො වගේ ඉමු කියලා. and I said yes. එච්චරයි.. ඔයාට ඔච්චර නටන්න තරම් නම් දෙයක් වුනේ නෑ ටේහ්‍යුන්ග්.."

Mr. Cigarette & His Little Lilly 🌷Where stories live. Discover now