|09| 🌷

366 44 14
                                    

"යාහ්.. කිම් ටේහ්‍යුන්ග් තමුන් මොනවා කරනවා කියලද හිතන් ඉන්නෙ ? "

මේ මනුස්සයා මගෙහ්.. මගෙ.. වැම්පයර් කෙනෙක් වගේ මගෙ තොල් දෙක නම් නෙවෙයි හැබැයි මගෙ බෙල්ල කෑවෙ මම කෑ ගහන ගමන් එයාව තල්ලු කරද්දි. හැබැයි මගෙ බෙල්ලෙ තදට මාර්ක් එකක් තියලම තමා මේකා අයින් උනේ. දැවිල්ල අස්සෙන් මට අමුතු හැඟීමක් දැනුනත් මම කරේ එයාට කෑගහපු එක.. ඒත් මේ වවුල් මිනිහා එක තඹේකට මාව ගනන් නොගෙන කටකොනේ හිනාවක් එක්ක තොල් දෙක පිහිද ගත්තේ රස කෑමක් කට වටේ ගාගෙන කාලා පිහිදානවා වගේ. ඇත්තටම මට ඔයාව තේරුම් ගන්න බෑ මිස්ට සිගී.. ඔයා මේ මට දුන්නෙ දඬුවමක් ද ? නැත්නම්...

"සද්දෙ අඩු නැද්ද තාම අහ් ? ඊළඟ පාර නම් කන්නෙ බෙල්ල නෙවෙයි තව කෑගහන්න ආවොත්.."

ඇත්තටම මට කේන්න්තියි.. දුකයි.. මේ ඔක්කොම එක්ක එයාට එකට එක කියාගන්න බැරි කමට මගෙ ඇස්වල කඳුළු පිරුණා. කේන්ති ගියාම ඇඬෙන එක නම් සාපයක්..

"ඒ ගමන ටැප් එක ඇරගත්තද ? තමුසෙගෙ මූඩ් චේන්ජ් වෙන ඉක්මනට වෙදර් එකවත් චේන්ජ් වෙන්නෙ නැතුව ඇති.."

එයාගෙ ඇස් දෙක දිහා බලාගෙනම කඳුළු වක්කරන මට හිනා වෙවී එයා එහෙම කියද්දි මම හැදුවෙ එතනින් එන්න. ඒත් කොහෙද මේ බීඩි කොල්ලා එක්ක මේක කරන්න බෑ. දැන් නම් මට සිරාවටම මල පැනල ඉන්නෙ මූත් එක්ක. ගේ උන පලියට මම ගෑනියෙක් නෙමෙයිනෙ. තව පොඩ්ඩයි බලන්නෙ ආදරේ පැත්තක තියල මම ගහනවා මූට හඳේ ආවාට පේන්න. රෙද්ද 😒

"මොකක්ද දැන් ඔයා කියන්නෙ ටේහ්‍යුන්ග්..! මගෙ ලෙක්ච එකට පරක්කු වෙනවා. කියන්න දෙයක් නැත්නම් කරුණාකරලා මගෙ අත අතාරින්න. මට යන්න ඕනෙ."

ඇස් දෙක තදට පියාගෙන කොහොම හරි කඳුළු ටික හිරකරන් මම එයා දිහාවට හැරිල එහෙම කිව්වෙ එයාගෙ දිග ඇඟිලි වලට අහුවෙලා තියෙන මගෙ වැලමිට දිහාත් බලන ගමන්.. සතුත් වෙලා එතන. හුම්.

"ම්ම්ම් යන්න දෙන්නම්. ඊට කලින් කියනවා තමුසෙ මට ලව් කියකිය වෙන කෙල්ලො එක්ක මුකුළු කරන්නෙ මොකද කියලා. බොරුවනෙ තමුසෙලාගෙ තියෙන්නෙ."

"කිම් ටේහ්‍යුන්ග් ! මම ඔයාට ආදරෙයි ! හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ ඔයාට මේ විදියට මාව පහත් කරල කතාකරන්න පුළුවන් කියලා . මම මගෙ ආදරේ කොච්චර ද කියලා ඔයාට ඔප්පු කරන්න යන්නෙ නෑ. මොනා අවිශ්වාස කරත් මගෙ ආදරේ අවිශ්වාස  කරන්න එපා යැයි යැයි ගගා කියවන්නෙත් නෑ. ඔයාට කැමති දෙයක් හිතාගන්න. Now Let me go.. මට යන්න ඕනෙ."

Mr. Cigee 🌷( Onhold )Where stories live. Discover now