කියවල කියවල හති අරින ජන්හිව දැක්කම ඇත්තටම මට ආදරේ හිතුණා.. ඒක කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන ඇතිවෙන ආදරයක් නෙවෙයි.. අයියා කෙනෙක්ට චූටි නංගි කෙනෙක් ගැන ඇති වෙන විදියෙ ආදරයක්. ඇත්තටම මාත් එක්ක ගත්තම මේකි හෙන චූටි තමා. පිස්සු කෙල්ල.. ඒ හැඟීමෙන්ම මම හිනාවෙලා එයාගෙ කොණ්ඩෙ ඇවිස්සුවා.. හරියට අපේ ගෙදර තඩියා නූනගෙ කරනවා වගේ..

"එන්න එපා ඕවට.. හුම්.. දැන් කොල්ලා වෙන්න බෑ නම් යාළුවෙක් හරි වෙනවා මගේ.. නැත්නම් රෑට ඇවිල්ලා මම ඔහේගේ බෙල්ල මිරිකනවා.."

ජන්හි අත් දෙකෙනුත් බෙල්ල මිරිකනවා වගේ පෙන්නන ගමන් එහෙම කිව්වම මම හිනාවෙලා ඕකේ කියලා ඔළුව වැනුවා. එතකොටම වගේ එතනට ආව කෙනා දැකල අපි දෙන්නම පුදුම වුණා. වෙන කවුරුත් නෙවෙයි ඒ මිස්ට සිගී !!

"යුන් ජන්හි.. මොකක්ද මෙතන වෙන්නෙ ?"

දවස් ගානකට පස්සෙ ඒ ගැඹුරු කටහඬ ඇහුනම මගෙ ඇස් සතුටට දිලිසෙන්න ඇති. ඒත් එයා කතා කරේ මට නෙවෙයි ජන්හිට කියලා තේරුන හින්දයි මෙච්චර කල් හිටියා වගේම එයාට වදයක් නොවී ඉන්න ඕනෙ හින්දයි මම හැදුවෙ එතනින් එන්න. ඒත් ජන්හි මම යන්න හදනවා කියලා දැක්ක නිසාද මන්ද ඉක්මනින් මගේ අතේ එල්ලුනේ මිස්ට සිගී මාරුවෙන් මාරුවට නපුරු බැල්මක් අපේ අත් වලටයි මටයි දෙද්දි .. ඒ බැල්මෙ සැර වැඩිකමට මම කරේ බිම බලාගත්ත එක.

"ඔහ්.. ටේහ්‍යුන්ග් ඔප්පා !! මම කුකී එක්ක ලොකු කතාවක හිටියේ අනේ... ඔයාව දැක්කෙත් ගොඩක් කාලෙකින්නෙ.. කොහොමද ඉතින් ඔයාට ?"

"ම්ම්ම් මම ගොඩක් හොඳින්.. ලොකු කතාවල හිටියට කමක් නෑ මේ වගේ අය එක්ක ඕනවට වඩා සම්බන්ධ කම් තියාගන්න යන්න එපා. පස්සට පසු තැවෙන්න වෙයි.."

එයා කිව්ව දේවල් ඇහුන ගමන්ම මම කරේ ඔළුව උස්සල එයා දිහා බලපු එක. ඒ වෙද්දිත් එයාගෙ නපුරු බැල්ම මට වැටිලා තිබුණ . මගෙ ඇස්වලට කඳුළු පුරවන්න ඒ බැල්මටයි වචන වලටයි තප්පරයක්වත් යන්නෙ නැතුව ඇති.

"යාහ් ඔප්පා. මොනාද කියවන්නෙ ? මම දැකපු හොඳ ම කොල්ලන්ගෙන් කෙනෙක් තමයි ජන්කුක් කියන්නෙ. එයාව ආශ්‍රය කරා කියලා නම් මං ජීවිතේට පසු තැවෙන්නෑ. ඔයා පණ්ඩිතයා නොවී ඉන්න."

Mr. Cigarette & His Little Lilly 🌷Where stories live. Discover now