Chapter ten

226 39 8
                                    

පාන්දර දෙක වෙනකනුත් ජන්කුක් තාමත් බලාගත්තු අත බලාගෙන ඉන්නවා.
ඒ ඇස් වල කලකිරිමක් ඇරෙන්න වෙන කිසිම හැඟීමක් ඇදිලා තිබුනේ නැහැ.

එකම පැත්තට හැරිලා ඉදලම ඇගේ පැත්තක් හිරිවැටිලා වගේ දැනෙද්දි ගොඩක් අමාරුවෙන් එයා ටේහ්‍යුන්ගෙ පැත්තට හැරුනා.
බ්ලැන්කට් එකක්වත් කොට්ටයක්වත් නැතුව ගුලි වෙලා ඉන්න ජන්කුක් එයාගේ ඇස් අරන් ගියේ නිදාගෙන ඉන්න ටේහ්‍යුන් ළඟට.

ඒ දිග ඇස් තදින් පියවිලා. තික් අයිබ්‍රෝස් එකට යාවෙලා, නලලට වැටිලා තියන ස්ට්‍රේට් කෙස්ගස් ටික නලලටම ඇලිලා. හුස්ම ගද්දි එකම රිදම් එකකට ටේහ්‍යුන්ගෙ පපුව උස් පහත් වෙනවා.
බෙල්ලේ තියන සිල්වර් පාට චේන් තුන පැත්තට ගිහින් සම්පූර්ණ පපුවම නිරාවරණය වෙලා තිබුනා.

ටේහ්‍යුන්ගෙ ඇගේ පේන්න තියන හැම කොටසකම ජන්කුක් එයාගේ ඇස් අරන් අරන් ගියා. ඒත් ඒ ඇස් ගොඩක් අඩනවා.

"හ්ම්ම්"~ ජන්කුක් ලොකු හුස්මක් ගත්තා. වම් ඇහෙන් වැටුන කඳුල ගලාගෙන ගිහින් මෙට්‍රස් එක උඩට වැටෙනකනුත් ජන්කුක් ටේහ්‍යුන්ගෙ මූන දිහා බලාගෙන හිටියා. ඒ මූනේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඇහැට පහලින් වෙන්න තියන බර්ත් මාක් එකේ ඉදන් හැමදෙයක්ම පර්ෆෙක්ට්.

ටේහ්‍යුන් ගොඩක් හැන්ඩ්සම්. ජන්කුක් ඕල්ඩි කියලා ටේහ්‍යුන්ව ඉන්සල්ට් කරාට ටේහ්‍යුන් හිතාගන්නවත් බැරිතරමට ගොඩක් හැන්ඩ්සම් කෙනෙක්.

ඒ මූන දිහා බලන් ඉද්දි ජන්කුක්ට මතක් වුනා...

එයා ටේහ්‍යුන්ව හැමවෙලාවකම රිජෙක්ට් කරපු විදිහ...

එයාගේ මාම් ඩැඩ් ඉස්සරහ ටේහ්‍යුන්ගෙ වැරදි කිය කිය මැරේජ් එකට විරුද්ධ වුන විදිහ...

බිස්නස් ඩීල් එකක් නිසාම ඩෑඩ් එයාගේ එන්ගේජ්මන්ට් එක බලෙන්ම කරවපු විදිහ..

ටේහ්‍යුන් එයාට ආදරෙයි කිව්ව විදිහ...

ටේහ්‍යුන් ගැන තිබුන අකමැත්ත ටිකෙන් ටික හිතෙන් නැති කරලා දාලා ටේහ්‍යුන්ට අවස්ථාවක් දෙන්න හිත හදාගත්ත විදිහ...

අන්තිමට හැම බලාපොරොත්තුවක්ම ඇදක් උඩ කැඩිලා විසිරිලා ගිය විදිහ...

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ✔ Where stories live. Discover now