22... රහස් ගුහාව ....♟️

Start from the beginning
                                    

බලාගෙන සිටියදී ලයික්  සහ කමෙන්ට් වැටුනත් ඒවා ගණං ගන්නේ නැතිව ඔහු දුරකථනය පසෙකින් තැබුවේය ....

දහවල් කාලයේදී කොයි තරම් හිත හදාගෙන මිතුරන් සමඟ සිටියත් රාත්‍රියත් සමඟ එසේත් නැතිනම් නිදියන්නට කාමරයට පැමිණි පසුව හදවතට දැනෙන ඒ තනිකම දරා ගන්නට ඔහුට අවබෝධයක් නැත........

සුපුරුදු පරිදි බැල්කනියට පැමිණි ශාන්  එතැනින් අසුන්ගත්තේය ... මොන ඉරියව්වෙන් සිටියත් , කොතැන සිටියත්  හදවතට දැනෙන හිස් බව නම් නැති කරගන්නට නොහැකිය.......

" ඇත්තටම ඔයා කිව්ව වගේ ආපහු එන්න අවුරුද්දක්වත් යයිද......එහෙමත් නැත්නම් අවුරුදු දෙකක්.......යකෝ මට පිස්සු හැදෙයි යූසේ......."

අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගත වේවි යැයි හිතෙද්දි වාඩි වී සිටින්නටත් නොහැකි වූ නිසා ශාන්  අසුනෙන් නැඟිට්ටේය........ එහෙම්මම බැල්කනියේ කෙටි තාප්පය අසලට පැමිණි ඔහු ඊට බරවී නිනව්වක් නැතිව කොහේදෝ බලාගෙන සිටින්නට විය..........

ක්ලබ් එකේ දී ලින් පැවසූ කතාවකුත් ඔහුට ඒ අස්සේ සිහි වුණේ පහළ උද්‍යානයේ තවත් ආරක්ෂකයෙකු සමග කතා කරමින් සිටි තෝමස් දුටු පසුවයි.....

" අපේ එකා .......ඌ කිව්වා එරික්  ඌට කතා කරෙත් නැල්ලු මාසෙකින් විතර ....එරික්ගෙ ගම  නින්ග්බු වල කිව්වා ....... ගෙදරක එඩ්රස් එකක් එහෙම ලොකුවට කියන්න පොර දන්නේ නෑ....... නංගි යන්නෙ නින්ග්බු හයිස්කූල් කිව්වා....... එච්චරයි ........"

ඉතින් ඒ කතාව සිහි වී ශාන්ගේ මුවින් ඔහුටත් නොදැනීම බර හුස්මක් පිට වුණේය...... එරික්ට සිදුවූයේ කුමක්දැයි කියා හිතා ගන්නට තවමත් ශාන්ටත් නොහැකි වී ඇත....

තෝමස් කියනවා ඌ ඇමති තුමා එක්ක යනකොට, ඒ කියන්නේ මාව අතුරුදහන් වෙලා දවස් දෙකකට පස්සේ.....එරික් බංගලාවෙ හිටියලු.......තෝමස් ආපහු ෂියෙන් පපා එක්ක දවස් හතරකින් එනකොට එරික් හිටියෙ නැල්ලු......උගේ පෝන් එක වැඩ කරන්නේ නැති හින්දා කීපදෙනෙක්ගෙන් ඇහුවහම කිව්වේ ඇමතිතුමාගේ වැඩකට දුරකට ගිහිල්ලා ඉන්නවා කියලලු....... හෙට මේ ගැන නොදන්න ගානට ගොනා සේ ෂියෙන් පපා එක්ක  කතා කරන්න ඕන......  එරික්ගෙ ඩීටේල්ස්  හොයාගන්න ක්‍රමයක් නැතිවෙයිද දන්නේ නෑ.........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now