"ග්‍රෑන්ඩ්මා, මම ආවා..." ටේහියුන් කෑගැසුවා ඔහුගේ අතක් ජංකුක්ගේ අතක රැදී තිබියදීම ඔහු දොර ඇරියා.ජංකුක් ගෙදර ඉදිරිපස තිබෙන ලී උළුවස්ස දිහා ඔහුගේ එහායින් හිද වශයෙන් බලාගෙන සිටියා. ජංකුක් තමාගේ දෙතොල් සපා, ඩෝ ඇස් වලින් ටේහියුන් දෙස බලා "ග්‍රෑන්ඩ්මා මට අකැමති වෙයිද?"
"මොනවද ඔයා කියන්නේ බේබි, කාටවත් ඔයාට අකමැති වෙන්න අමාරුයි මට විශ්වාසයි මට ආදරේ කරනවාට වඩා ඔයාට ආදරේ කරයි" ටේහියුන් සමච්චල් කළා එයට ජංකුක් සිනහසුනා.
"ග්‍රෑන්ඩ්මා..." ටේහියුන් නැවතත් කෑගැසුවා
"මේ එනවා..." දුරීන් කටහඬක් ඇසුනා, එමෙන්ම පාද වල හඩක් ඇසුනා. රෝස පැහැති ඒප්‍රනයක් ඇද සිටි වයසක කාන්තාවක් ඔවුන් ඉදිරියට පැමිණියා.
ජංකුක්ගේ දෑස් නැවතත් ලොකු වුනා. ඔහු විශ්වාස කලා ටේහියුන්ගේ ග්‍රෑන්ඩ්මා ගොඩක් වයස ඇති කියායි, නමුත් ඔහුගේ ඉදිරියේ ඉන්නා කාන්තාව ඔහු හිතුවට වඩා තරුණයි එමෙන්ම ලස්සනයි.
"කුක්- ජංකුක්" ඔහුට කවුරුන්හෝ කතාකරනවා ඇසි ඔහුගේ සිහින ලෝකෙන් ඉවතට ආවා.
"හහ්?"
"ඔයා හොදින්ද bun?, මොකක්ද ප්‍රශ්නෙ?" ටේහියුන් පිරිමි ළමයා දෙස කනගාටුවෙන් බලා සිටියා.
"මම හොදින්" ජංකුක් පිළිතුරු දුන්නා "ග්‍රෑන්ඩ්මා ලස්සනයි" ජංකුක් උත්තර දුන්නා, ඔහුගේ බනී දත් හැමෝටම පෙනෙන තෙක් ඔහු ලොකූ හිනාවක් පෑවා.
"ආව්...ඔයා හරි ශෝක් බේබි" ග්‍රෑන්ඩ්මා කිම් ජංකුක්ගේ කම්මුල් අතගෑවා "මම දැනටමත් ඔයාට ආදරෙයි"
"මමත් ග්‍රෑන්ඩ්මාට ආදරෙයි" ජංකුක් කාන්තාව බදා ගත්තා "ඔයාට වයස කීයද ග්‍රෑන්ඩ්මා?"
"මම වයස අවුරුදු 65 යි"
"ඔයා ගොඩාක් තරුණයි" ජංකුක් එසේ පවසමින් මාළුවෙක් වගේ කට ලොකුවට හදා ගත්තා.
ග්‍රෑන්ඩ්මා කිම් සිනහසුනා "Thank you ජංකුකී, යමු ඇතුලට ගිහින් කතා කරමු"
___________________
"ඔයා දන්නවද, ටේහියුන් අවුරුදු හය වෙද්දි අපේ ගෙදර සුරතලා විදියට පඩ්ල්ව හදාගන්න ගත්තා, ටේහියුන් හැමවිටම ඌත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා, එක දවසක් ඔහුත් ඌ වගේ බුරන්න ගත්තා, කොයිවෙලාවෙත් අපි ප්‍රශ්නයක් ඇහුවොත් ඔහු බුරන්න පටන් ගන්නවා අපි එවෙලේ ගොඩාක් හිනාවුණා, මිනිස් වචන කතා කරන්න හුරු කරවන්න අපිට ලොකු කාලයක් ගියා"
VOUS LISEZ
𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️
Fanfiction"Look at the mirror, bun. Look at that aroused look of yours, can't you see you're still shivering under my touch? So seductive yet pitiful-" "S-Stop! Let go of me, b-bastard! Answer me, what did you do to the divorce paper?!" "That's wasn't divorce...