CHAPTER 09

588 133 15
                                    

බලාපොරොත්තු වූ පරිදි, ජන්කුක් ටේහියුන්ගේ සැමියා බව දැනගත් වහාම මුළු ලෝකයම පිස්සු වැටුණා.

සඟරා, පුවත්පත් සහ ප්‍රවෘත්ති පවා මේ සියල්ල ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා. සමහර fansලා ටේහියුන්ට ඒ සඳහා සහය දැක්වූ නමුත් සමහර අය එහෙම කරේ නෑ.

බැම්බි ඇස් තියන හා කොල්ලා තවමත් මේ මොකුත්ම දැනගෙන හිටියේ නෑ වගේම මුළු ලෝකයම ඔහුගේ සහ ටේහියුන්ගේ විවාහය ගැන කතා කරමින් උන්නා.මොකුත් නොදන්න ඔහු සුපුරුදු පරිදි උදෑසන කටයුතු ඉටු කරගෙන ඔහුගේ මල් සාප්පුව වෙත ගියා .

"ස්තූතියි මහත්මයා!" ඔහු මුදල් දෙන ගමන් කුලී රථ රියදුරාට ස්තුති කළා . ඔහු මෝටර් රථයෙන් බැස, ඔහුගේ සාප්පුවේ දොර අගුළු ඇරලා ඇතුලට ගියා.

ඔහුගේ සාප්පුවේ සියල්ල දරුණු ලෙස විනාශ වී ඇති බව දුටු ඔහුගේ හදවත ක්ෂණිකව කඩා වැටුණා. කැඩිච්ච මේස පුටු ගැන එයාට ගානක් නෑ, හැප්පුන මල් පෝච්චි ගැන ගානක් නෑ හැබැයි විනාශ වෙච්ච මල් ගැන ඔහු තදින්ම දුක් වුනා. මල් පෙති හැමතැනම, සමහර මල් කෑලි කෑලිවලට ඉරිලා, සමහරක් උඩ සපත්තු පාරවල් තිබුනා.

සිදු වූ දෙය ගැන මුළුමනින්ම ව්‍යාකූලව සිටි ඔහුගේ දෑස්වල කඳුළු පිරී ගියා. "ඒයි තමුන්!" සාප්පුවෙන් පිටත ගැහැණු ළමයෙක් කෑගැසූ අතර ජන්කුක් ඉක්මනින් ඒ පැත්ත හැරුණා.

ඇය සෙමෙන් ඔහු ලගට ලන් වෙන ගමන් "කවුද ඔයාට ටේහියුන් ඔප්පාව මැරි කරන්න අවසර දුන්නේ ආහ්හ්!?"

ඇය ඉදිරියට යන විට ජන්කුක් පසුපසට ගියාය. "ආ- ඔයා කොහොමද දන්නේ මම මැරි කරලා කියලා?"

"මෝඩ කොල්ලා! තමුන් තාම නිව්ස් එක දැක්කේ නැද්ද?!" ඇය ඇස් කරකවලා, "අනේ,ඒවගෙන් වැඩක් නෑ, ඔයා කැමතිද ඔයාගෙ කඩේ අලුත් 'ඩිසයින්' එකට? ඒක ඉස්සරටත් වඩා ලස්සනයි!"

ජන්කුක්ගේ දෙතොල් වෙව්ලන්නට වූයේ ඔහුගේ දෙනෙතින් කඳුළු ගලා යද්දී. ඔහු තම වෙළඳසැලේ යතුර බිමට දාලා එතන හිටපු කෙල්ලවත් තල්ලු කරගෙන දුවන්න පටන් ගත්තා.

"ස- සමාවෙන්න." ඔහු වේගයෙන් දිව යන විට ඔහු ගැටුණු මගීන් කිහිප දෙනෙකුගෙන් සමාව අයැද සිටියා. ඒත් එකපාරටම ඔහුව කාර් එකක් තුළට ඇදිලා ගියා.

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?-Sinhala Translate  - (Tk)✔️Onde histórias criam vida. Descubra agora