මම හිතුවේ ගොඩක් කාලෙකින් කතාව දෙන්න බැරි වුන නිසා ඔයාලට මේ කතාවට තියන intrest එක නැති වෙලා කියලා ඒත් පස්සේ comments දැක්කම එහෙමනෑ කියලා තේරුනා 🥺❤
සොරි අප්ඩේට් පරක්කු කරාට 💀
ආදරෙයි 😭❤️
----------------------------------------"ඉතින් ඔයාට මොනවද කතා කරන්න ඕන?"
"ඇයි ඔයා නම්ජුන් හියුන් එක්ක date එකකට ගියේ?" ටේහියුන් ජන්කුක් දෙස බලද්දී , පිරිමි ළමයා ආපහු ඔහුගේ දෑස් කරකවා ගත්තා.
"ඒක date එකක් නෙවෙයි! අපි කෝපි ටිකක් අරගෙන ජූනී හියුංගී ළඟ නැති කාලේ මොකද වුණේ කියලා කතා කළා," ඔහු මුමුණද්දී ජන්කුක්ගේ තොල් පිපිරී ගියා, "එයා කීවේ එයා ඇමරිකාවේදී එයා ඇත්තටම කැමති කෙනෙක් හම්බ වුනත් එයා ඒ කෙනාගේ නම කියන්න බෑ කිව්වා!.එයා කිව්වේ මම ඕපාදූප කියන් කැමති කෙනෙක් නිසා එයාගේ රහස රකියි කියලා එයාට විශ්වාස නෑ කිව්වා! එයා කොහොමද මට එහෙම කතාවක් කියන්නේ! මම රහස් රකින්න දක්ෂයි! එයා ආදරේ කරන්නේ කාටද කියලා දැනගෙනමයි මං පස්ස බලන්නේ හුහ් " ඔහු හුරතල් ලෙස කෙඳිරි ගෑවා.
පිරිමි ළමයා දිගටම කියවන විට, ටේහියුන් ඔහුගේ හුරුබුහුටි සැමියා දිහා බලා සිටියා. ජන්කුක් ඉස්සර නිතරම තමන්ගේ ඔඩොක්කුවේ ඉදගෙන එයාගේ මල් සාප්පුවේ වුන දේවල් ගැන කෙඳිරිගාපු හැටි ඔහුට ආපහු මතක් වුනා.
ටේහියුන් ගේ තොල් වලින් සිනහවක් පිට වුනා. "ඔයා මොකද දැන් හිනා වෙන්නේ?!" ජන්කුක් ටේහියුන් දිහාවට ප්‍රශ්නයක් එල්ල කරේ කිනිස්සකින් අනිනවා තරම් වේගෙකින් වුනත්,ටේහියුන්ට එයට මහා හඩින් හිනා ගියා.
"මොකුත් නෑ, ඔයා මගේ ඔඩොක්කුවේ ඉඳගෙන හැමදාම හුරතල් විදියට කතා කරපු දවස් මතක් උනා. මම පිළිමයක් වගේ ඉදගෙන ඔයාගේ පැයක් දිග කතාවේ ඕනි තැන්වලට ඔළුව වනන ගමන් ඔයාගේ කතාව අහගෙන හිටපු හැටි එතකොට ඔයා හරිම හුරතල් ~" එහෙම කියන ගමන් ටේහියුන් ජන්කුක්ගේ නහය මිරිකුවා.
"හියුන්ගී...," ජන්කුක් කෙඳිරිගාන ගමන් කිව්වත් ඉක්මනින් හිනා වුනා. ඔවුන් එකට සිනාසෙමින්, ආදරණීය ඇස්වලින් එකිනෙකා දිහා බලන් හිටියා.
ВИ ЧИТАЄТЕ
𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?-Sinhala Translate - (Tk)✔️
Фанфіки"Look at the mirror, bun. Look at that aroused look of yours, can't you see you're still shivering under my touch? So seductive yet pitiful-" "S-Stop! Let go of me, b-bastard! Answer me, what did you do to the divorce paper?!" "That's wasn't divorce...