𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 6

110 13 19
                                    

"Hello, නුරාධ ඔයා ආවද?"

"ඔව් ශෙනාල්. ඔයා කොතනද ඉන්නේ?"

"ShangriLa එක පාස් කරන කොට තියෙනව නේද කාගෙද මන්දා statue එකක්?"

"ආහ් ඔව් මට මතකයි."

"ඔයා එතනට එන්න. මම එතන ඉන්නවා."

"හරි."

ශෙනාල්ට තිබුණේ වළ ගැහෙන කම්මුල්. ඒ වගේම ඕනම කෙනෙක් ආකර්ෂණය කරගන්න කාන්දම් කොන්ඩයක්. ඒ කොණ්ඩය අගිස්සෙන් කැරලි ගැහුණු කෙස් ගස් වලින් පිරිච්ච එකක්. නළලෙන් ඇහිබැම වෙනකන් ඒ කොණ්ඩය වැවිලා තිබුණා. ගනකම් ඇහිබැම් යුගලක් ඒත් මොකක්දෝ මන්දා බලවේගයකින් ඔවුන් යා වෙන්න උත්සහ කරලා තිබුණා. ඒ ඇහිබැම් එයාගේ මූණට නපුරු පෙනුමක් ගෙනත් තිබුණා. හැබැයි හිනා වෙන කොට පොඩ්ඩක් තෙරපිලා මස්පිඩු හැඩවෙලා වල ගැහෙන කම්මුල් මූණට හරි අමුතු හුරතලයක් ගෙනත් තිබුණා. තද කළු ඇස් ඕනම කෙනෙක් හිරි වට්ටන තියුණු බවක් එකතු කරලා තිබුණා. ලාත් නොවන තදත් නොවන තලෙළු හමක් නිසා එයා ඉර එලියෙදිත් ලස්සනට බැබලෙනවා.

ඒ කිව්ව තැන එයා හිටියා.

"ශෙනාල්..."

"ආහ් ඔයා ආවද?"

"නෑ එයා මග. මේ holographic නුරාධ!"

"හරි බන් ඈ!"

"හා"

"එහෙනම් යමුද?"

"හ්ම්"

රතු තැඹිලි පාට ඉරකට වඩා පුංචි කණාමැදිරියෙකුට මම හරි ආසයි. ඔයාට ඔයාවවත් නොපෙනෙන කට්ට කරුවල අවකාශයකට ඉරක් පායනවට වඩා පුංචි කණාමැදිරියෙක් රිංගන එක හරි ලස්සනයි. රතු තැඹිලි පාට ඉර හැමෝටම එලිය දුන්නත් පුංචි කණාමැදිරියා එළිය කරන්නේ ඌ ළඟ රුඳෙන කෙනාව විතරයි. මහ ලොකු එළියක් නෙවුණත් ඒ පුංචි දීප්තිය හරි බලවත්. කණාමැදිරියා ඉර වගේ නෙමෙයි, පුංචියි හැබැයි විශ්වාසනීය යි. අහසේ තියෙන ඉර දිහා බලාගෙන මම ඔහේ කල්පනා කලා.

වන් ගෝල්ෆේස් මෝල් එකේ entrance එකෙන් bags check කරලා ඉවර උනාට පස්සේ අපි දෙන්නා ඒ උස building එකට ඇතුලු උනා. එලිය මොනතරම් රස්නේ උනත් මේ ඇතුල හරිම සීතලයි. එලිය මොනතරම් ඝෝෂාකාරී උනත් මේ ඇතුල එහෙම නැහැ. හරිම calm vibe එකක්. ජීවිතේ හරි පුදුමයි. ටිකකට කලින් ගිනි ගහන අව්වෙ පිච්චි පිච්චි වාහන සද්දෙත් එක්ක එලියට වෙලා වෙහෙසකර විදිහට හිටපු මම දැන් වෙද්දි සීතල තැනක ලස්සන decorations තියෙන, සද්දෙ අඩු calm තැනක හිටගෙන. මොකක්දෝ මන්දා හේතුවකට මට දැනෙන්න පටන් ගත්තා හුරුපුරුදු ආරක්ෂාවක්. හුරු පුරුදු සෞම්‍ය උණුහුමක්. අමුතුම විදිහක ශක්තියක්. ඒ හුරුපුරුදු හැඟීම් ඇයි මට දැනෙන්න පටන් ගත්තෙ? ආයෙමත් උත්තර නැති ප්‍රශ්නයක්.

CyclamenUnde poveștirile trăiesc. Descoperă acum