"මට දැන් තේරෙනවා" ආදි දිහා නුරාධ බැලුවේ ඇස් වලින් ඒ මොකක්ද කියන ප්රශ්නය එල්ල කරගෙනමයි. යන්තමින් හිනා වෙච්ච ආදි ආයෙත් කතාව පටන් ගත්තා. "ඉරි තැලිච්ච පොළොවකට වතුර බිංදු වැටෙද්දි ඒ වැලිකැට වලට මොනතරම් ලොකු සහනයක් දැනෙනවද කියලා. උන්ව වතුර බිංදු ඇවිත් බදා ගන්න කොට උන් මොනතරම් සතුටු වෙනවද කියලා. එතකොට ඒ වේලිච්ච වැලි පොළොවෙත් ලස්සනට මල් පිපෙනවා කියලා මට තේරෙනවා මැණික" "ඇයි එහෙම කියන්නෙ?" "මොකද ඔයා තමයි ඒ වැටිච්ච වැස්ස. මගේ හදවත, ඉරිතලපු පොලොව. උඹ නිසා මම ආයෙත් ජීවත් වෙනවා බං" "මම ඔයාතරම් දක්ෂ නැහැ වචන ගනුදෙනු වලට. ඒත් මට කියන්න තියෙන්නෙ උඹ ඉරි තැලුණු පොළෙවක්නම් මම වැස්සක් වෙලා උඹ උඩට වැටෙන්න ආසයි. එතකොට මට පුලුවන් ඔයාගේ හදවතේ සිදුරු වලින් ඇතුලට ගිහින් ඒවා වහලා දාන්න. වෙන කාටවත් රිංගන්න බැරි වෙන්න" >>>>>>>>>>>>>>>> සැබෑ පෙම්වතුන් කෙදිනක හෝ එකතු වෙනවාමයි!