𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 3

170 22 20
                                    

මේ ලෝකෙ මොනතරම් ලොකු උනත් ඒක හරි පුංචියි. ඒකයි වරක් හමුවූවන් ආපහු අපිට මුණගැහෙන්නේ. ජීවිතය කියන්නේ මම දකින විදිහට හමුවීම් හා වෙන්වීම් මතම වැටුණු මාවතක්. සමහර මග සලකුණු මාවත අවසානය තෙක්ම මතකයේ රැඳෙනවා. තවත් තැන්වල බාධක. ඒවායේ හැපෙන අපි මානසිකව කෑලි වලට කැඩිලා යනවා. ඒ තමා ජීවිතය.

ඒලෙවල් කලාද නැද්ද කියන්න මං දන්නෙ නෑ. මොකද ඒ කාලය මගේ මනසේ දැන් නැහැ. තව මාස පහකින් මේ රටින් අපි යන බව විතරක් මම දන්නවා. එතකොට පස්වෙනි ඉර්තුවට රින්ගපු මගේ අමතක මතක සදාකාලිකවම මේ පුංචි රට ඇතුලෙ හිර වේවි.

ඊට කලින් අමතක මතක මතකයට ගන්න උත්සාහ කලත් මට ඒ දේවල් කරන්න බැහැ. යමක් මතක් කරන්න හදන කොට වචන වලට පෙරලන්න බැරි තරමටම ලොකු වේදනාවක් මගේ ඔලුව පුරා පැතිරෙනවා. ඒක නොසලකා දිගටම උත්සහ කලොත් මම ඇදගෙන වැටෙනවා. ආයෙත් නැගිටින කොට මම ඇඳක වැතිරිලා ඉන්නවා. මගේ අම්මා කඳුලු පුරවන් මං දිහා මහා ලොකු දුකකින් ඒ වගේම ආදරයකින් බලාගෙන ඉන්නවා.

"පුතේ, මගේ රත්තරං ඒ අවුරුදු දෙක යන්න ගියා. ගියපු දේවල් බලෙන් ළං කරගන්න හදන්න එපා පුතේ. එයාලා කැමතිනම් ආයෙත් එයි. එතකන් ඉවසන්න!"

"චූටි, නැති වෙච්ච දේවල් ගැන හිතන්න එපා. ඔයාට අපි ඉන්නවා. ලස්සන වර්තමානයක් තියෙනවා. අතීතය මීදුමකින් වැහිලානම් ඒක ඇතුලට යන්න හදන්න එපා චූටි. උඹ ඇදගෙන වැටෙයි!"

"මගේ හිත කාවදෝ ඉල්ලනවා අයියේ, මොනතරම් ඒ ඉල්ලීම් නොසලකා ඉන්න හැදුවත් මට ඒක කරන්න අමාරුයි. මම complete නෑ අයියෙ. ඒ අවුරුදු දෙක මට ඕන. ඔයාලගෙන් ඇහුවට ඇයි මට වෙච්ච දේවල් නොකියන්නේ? ඇයි?"

"ඔයාගෙම හොඳට චූටි...."

"මොකක්?!"

"අයියා කිව්ව හරි පුතේ, අපි ඒවා කියන්නේ නැත්තේ ඔයාගෙම හොඳට. ඔයාට ඒවා කිව්වොත් ඒ දේවල් මතක් වෙනවා ආපහු. ඒක ඔයාට හොඳ නෑ. ඩොක්ටර්ස්ලා කිව්වේ ඒ දේවල් කාලයත් එක්ක ඔහේ මතක් වෙන්න ඉඩ දෙන්න කියලා. ඒවා බලෙන් මතක් කරන්න හරි මතක් කරවන්න හරි හැදුවොත් ඒක ඔයාට හොඳ නෑ. ඒ නිසා කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න රත්තරනේ."

CyclamenHikayelerin yaşadığı yer. Şimdi keşfedin